Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton නුවරඑළිය වසන්ත සමය බැඩ්මින්ටන් තරග 4 දා සිට

නුවරඑළිය වසන්ත සමය බැඩ්මින්ටන් තරග 4 දා සිට

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නුවරඑළිය වසන්ත සමය වාර්ෂික බැඩ්මින්ටන් ශූරතාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර මේ මස 20 වැනිදායින් අයදුම්පත් බාරගැනීම අවසන් වේ.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන්ට සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වාද, සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.00 දක්වාද මෙට්ලන්ඩ් පෙදෙස ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයට හෝ නො.02, කේම්බ්‍රිජ් ටෙරස්, කොළඹ 7 යන ලිපියනයට අයැදුම්පත් යොමු කිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සහ නුවරඑළිය බැඞ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සමග එක්ව 23 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරයි. පළමු කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන මෙම තරගාවලිය ඉසව් 36 කින් සමන්විත වන අතර එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදාදීමට නියමිත මුළු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 5 කි.

තරගාවලියේ තරග අනුපිළිවෙල මේ මස 23 වැනිදා සකස්කරනු ලබන අතර එය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ පළකරනු ලැබේ. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011-3401700 යන දුරකථන අංකය ඔස්සේ තරග සංවිධායක චාමර අලුත්ගේ මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.


අදහස් (0)

නුවරඑළිය වසන්ත සමය බැඩ්මින්ටන් තරග 4 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.