Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ බාසල් නුවරදී පැවැත්වීමට නියමිත බැඞ්මින්ටන් ලෝක ශූරතාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. බැඞ්මින්ටන් ලෝක සම්මේලනය විසින් ලෝක ශූරතාවලියේ ප්‍රදර්ශන ඉසව්ව සදහා තෝරාගනු ලැබ සිටින කරුණාරත්න, ආසියාවේ හොඳම පිරිමි කේවල ක්‍රීඩකයන් 28 දෙනාගෙන් අයෙකි.
මේ වන විට බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානයේ රැදී සිටින කරුණාරත්නගේ අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වී, ශ්‍රේණිගත ලකුණු ලබාගනිමින් තෙවැනි වරටත් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමයි.
මීලග ඔලිම්පික් තරගාවලිය 2020 ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 24 වැනිදා දක්වා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සුදුසුකම් ලැබීමේ කාල සීමාව ලබන වසරේ අප්‍රේල් මස 26 වැනිදායින් නිමාවට පත්වේ.
මේ වන විට 34 වැනි වියේ පසුවන කරුණාරත්න, පසුගිය ජූනි මාසයේදී පැවති බෙනින් ජාත්‍යන්තර තරගාවලියේදී සිය නමවැනි ජාත්‍යන්තර කේවල ශූරතාව දිනාගත් අතර මීට සති කිහිපයකට පෙර අයිවරි කෝස්ට්හි පැවති ජාත්‍යන්තර තරගාවලියකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.
ලන්ඩන් ඔලිමිපික් (2016) උළලෙන් පසු ලෝක ශේණිගත කිරීම්හි 37 වැනි ස්ථානයට පැමිණි කරුණාරත්න, එළබෙන අගෝතු මාසදී හෙල්ස් ජාත්‍යන්තර තරගාවලිය සහ බල්ගේරියානු විවෘත ශූරතාවලියට සහභාගි කරවීමටද ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබේ.
....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.