Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික පුහුණුකරු බඳවා ගැනීම අලුත් සැලැස්මකට

ජාතික පුහුණුකරු බඳවා ගැනීම අලුත් සැලැස්මකට

යොහාන් භාසුර - 2020 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය නව සැළසුමකට අනුව ජාතික බැඩ්මින්ටන් පුහුණුකරුවකු බදවාගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

නව පුහුණුකරුවකු බඳවා ගැනීමට ඉදිරියේදී ප්‍රසිද්ධ දැන්වීම් පළකරන බව ද එම නිලධාරියා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දුනිසියානු ජාතික පුහුණුකරුගේ සේවය අවසන් කිරීම නිසා මීට සති දෙකකට පමණ පෙර ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගියේය.

එම පුහුණුකරුන්ගෙන් සැළකිය යුතු සේවයක් නොලැබෙන බවට ක්‍රීඩා අමාත්‍යංශයට සහ බැඩ්මින්ටන් සංගමයට පැමිණි ලැබී තිබුණු අතර ඔහුට බැඩ්මින්ටන් සංගමයේ උසස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන චෝදනාවක් ද එල්ල වී තිබුණි.

අදාල පුහුණුකරුගේ සේවය ලබාගැනීම ඇතැම් නමගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රතික්ෂේප කළ බව ද ඒ හේතුවෙන් ඔවුන්ට වෙනත් පුහුණුකරුවකුගේ සේවය ලැබී ඇති බව ද වාර්තා වේ.
අදාල පුහුණුකරුට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඩොලර් 4000 ක් හෙවත් රුපියල් 760000 පමණ මාසික වැටුපක් ගෙවූ අතර අවසන් මාස පහක පමණ ක්‍රීඩා අමාත්‍යංශය එම වැටුප ගෙවා නොමැත.

“අමාත්‍යංශයෙන් එම වැටුප නොගෙවීම නිසා අපේ නිලධාරියකු එම මුදල ගෙව්වා. ඒ අනුව අපි පුහුණුකරුගේ සේවය අවසන් කර පිටත්කර හැරියා”

“ඉදිරියේදී අපි බඳවා ගන්නා පුහුණුකරුට සැලැස්මක් සහ ඉලක්ක ලබාදෙනවා. ඒ අනුව ඔහු කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් අපිට උපරිම ප්‍රයෝජනය ලබාගත නොහැකියි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

ජාතික පුහුණුකරු බඳවා ගැනීම අලුත් සැලැස්මකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.