Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් තරග ජූනි මාසයේදී ආරම්භ කිරීමේ නව සැලැස්මක්

බැඩ්මින්ටන් තරග ජූනි මාසයේදී ආරම්භ කිරීමේ නව සැලැස්මක්

යොහාන් භාසුර - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තරගාවලි කාලසටහනට ඇතුළත් ඉදිරි බැඩ්මින්ටන් තරගාවලි ලබන ජූනි මස සිට ආරම්භ කිරීමට නව කාලසටහනක් සකස්කරමින් සිටින බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති සහ එහි තරගාවලි කමිටු සභාපති පරාක්‍රම බස්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.  මෙම තරගාවලි අතරට ජාතික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය ද ඇතුළත් වේ.

“කොරෝනා අවදානමට රට වසා දැමීමෙන් අපිට ප්‍රධාන තරගාවලි හතරක් අත්හිටුවන්න සිදුවුණා. අපි ඒ තරගාවලි හතර අතහැරලයි මේ නව තරගාවලි කාලසටහන සකස් කරන්නේ”

“ඉදිරි මාස හයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිවලට නැවත දින දෙන්න ඕනේ. දැන් අපි එම කාර්ය ආරම්භ කරලා තියෙනවා”

“මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල පැවැත්වීමට නියමිතව තිබූ නුවරඑළිය බැඩ්මින්ටන් තරගාවලිය සහ මහනුවර පැවැත්වීමට සූදානම් කර තිබූ මධ්‍යම පළාත් තරගාවලිය මේ කාලසටහනෙන් මඟ හැරෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා” යැයි බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මැයි මස ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් සහ කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබූ වයඹ පළාත් යන තරගාවලි දෙක බොහෝ විට ඉදිරි කාලසටහනට ඇතුළත් වීමට ඉඩ තිබේ.
 


අදහස් (0)

බැඩ්මින්ටන් තරග ජූනි මාසයේදී ආරම්භ කිරීමේ නව සැලැස්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.