Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු තනතුරට අයැදුම්පත් කැඳවයි

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු තනතුරට අයැදුම්පත් කැඳවයි

editorial - 2020 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ජාතික පුහුණුකරු ධූරය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි මට්ටම්වල පුහුණු පාඨමාලා හදාරා ඇති පුහුණුකරුවන්ට පමණක් ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

අයදුම්පත් කැඳවිම මේ මස 25 වැනිදායින් අවසන් වන අතර ජූලි මස 1 වැනිදාට පෙර ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සුදානමින් සිටියි.

මින් පෙර ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දුනීසියානු ජාතික ටෝනි වහුදි මහතා සිය කොන්ත්‍රාත් කාලය නිමාකර රටින් පිටත්ව ගියේය. ඔහුගේ හිදැස පිරවීම සඳහා නව පුහුණුකරුවකු තෝරාගැනීමට බැඞ්මින්ටන් සංගමය පියවර ගෙන ඇත.

මූලික සුදුසුකම්වලට අමතරව නවතම බැඩ්මින්ටන් ප්‍රමිතීන් පිළිබඳව දැනුමැති සහ දිගු කාලීනව ක්‍රීඩකයන් අධීක්ෂණය කළ හැකි පුහුණුකරුවකු තෝරාගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බව බැඞ්මින්ටන් සංගමය නිවේදනය කරයි.

-036


අදහස් (0)

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු තනතුරට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.