Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික ක්‍රීඩා සංගම් 10 ක නිලවරණ ජනවාරි 31 ට පෙර

ජාතික ක්‍රීඩා සංගම් 10 ක නිලවරණ ජනවාරි 31 ට පෙර

නාමල් පතිරගේ - 2020 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට පවත්වා අවසන් කිරීමට අපොහොසත් වූ නිලවරණ ලබන ජනවාරි 31 වැනිදාට පෙර පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගම් 10 කට නියම කර තිබේ. ජාතික ක්‍රීඩා සංගම් 10 ක නිලවරණ පසුගිය නොවැම්බර් 30 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙස මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය දුන් නියමය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් මෙම ජාතික ක්‍රීඩා සංගම් වෙත මෙම සහන කාලයක් ලබා දී තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතව පවතින ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය මෙම නිලවරණ බහුතරයක් කල් යාමට ආසන්නතම හේතුවක් විය.

ජාතික ක්‍රීඩා සංගමයක් සිය නිලවරණය යෙදී තිබෙන වසරේ මැයි 31 වැනිදාට පෙර එය කැඳවා අලුත් විධායක සභාව පත් කර ගැනීම ජාතික ක්‍රීඩා පනතේ නියමය වන්නේය. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය අගෝස්තු 31 හා නොවැම්බර් 30 ට පෙර ලෙස අවස්ථා දෙකකදී සහන කාලයක් ප්‍රකාශ විය.

කොවිඩ් වසංගතය හැරුණු විට මෙම ජාතික ක්‍රීඩා සංගම් කීපයක නිලවරණ පැවැත්වීම අභියෝගයකට ලක් කරමින් විකල්ප පාර්ශ්ව ඉදිරිපත් කර ඇති විරෝධතා ද මෙකී නිලවරණ කල් දැමීමට හේතුවක් වී තිබේ.

මෙම වසරේදී නිලවරණ පවත්වා අවසන් කිරීමට සූදානම්ව සිටි ජාතික ක්‍රීඩා සංගම් මුළු ගණන 24 කි. ශ්‍රී ලංකා බාල් නැටුම් (බෝල් රූම් ඩාන්සර්ස්) සම්මේලනය අවලංගු කිරීමෙන් පසුව මෙරට ස්ථාපිත සමස්ත ජාතික ක්‍රීඩා සංගම් ගණන 69 කි.

ශ්‍රී ලංකා පාපැදි, ශ්‍රී ලංකා කායවර්ධන හා ශ්‍රී ලංකා සවිඑසවීමේ යන සම්මේලනවල නිලවරණ කෙලින්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බාරයේ පැවැත්වේ. සෙසු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටු පත් කර තිබේ.

ලංකාදීපය සමග කළ විමසුමකදී අදහස් දැක් වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ අදාළ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ඉදිරි මාසයක කාලය ඇතුළතදී පවත්වා අවසන් කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ නියෝගයක් ලබා ගන්නා බවයි.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව අවම දින 55 ක කාලයක් ඒ සඳහා ලබා ගත යුතු බව ක්‍රීඩා පනතේ දැක්වේ.

එසේ වුවත් 2020 වසරට ඉතිරිව තිබෙන ජාතික ක්‍රීඩා නිලවරණ අවම දින ගණනක් තුළදී පවත්වා අවසන් කිරීම සඳහා මෙලෙස ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විශේෂ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව එහිදී අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.


ජනවාරි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම්

  • ශ්‍රී ලංකා හොකී සම්මේලනය
  • ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය
  • ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
  • ශ්‍රී ලංකා කැරම් සම්මේලනය
  • ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය
  • ශ්‍රී ලංකා ගෝල්ෆ් සංගමය
  • ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය
  • ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය
  • ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය
  • ශ්‍රී ලංකා සවිඑසවීමේ සම්මේලනය 

අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම් 10 ක නිලවරණ ජනවාරි 31 ට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.