Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 වැනිදා ඇරඹේ

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 වැනිදා ඇරඹේ

ශානුක අරවින්ද - 2020 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 67 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සහ පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මින් පෙර මෙම තරගාවලිය ඉකුත් වසරේ (2019) නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූණද, ජනාධිපතිවරණය හේතුවෙන් එය ජනවාරි මාසය දක්වා කල් දැමීමට සිදුවිය.

ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී ප්‍රධාන කාණ්ඩ 5 (පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල) යටතේ තරග පැවැත්වෙන අතර එහිදී අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ, 70 න් ඉහළ ප්‍රවීණ තරගකරුවන් සඳහාද කේවල සහ යුගළ තරග පැවැත්වේ.

ජාතික කනිෂ්ඨ ශූරතාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල තරග පමණක් පැවැත්වෙන අතර 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගල තරග පැවැත්වේ.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් මිලියනයක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිත බව සංවිධායකයෝ පවසති. තවද සියලුම ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහාම කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ.

පසුගිය වසරේ කේවල ශූරතා දිනූ දිනුක කරුණාරත්න සහ තිළිණි හෙන්දහේවා කෙරෙහි මෙවර තරගාවලියේදී වැඩි අවධානයක් යොමුවී ඇති අතර පෙරළිකාර වෙනසක් කරමින් ශූරතා අත්කර ගැනීමට තවත් ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් බලාපොරොත්තුවෙන් පසුවෙති.

ඉකුත් වසරේදී තිළිණි සහ කවිඳි සිරිමාන්නගේ කාන්තා යුගල ශූරතාව දිනාගත් අතර කවිඳි සහ බුවනෙක ගුණතිලක මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ. පිරිමි යුගල තරග ඉසව්ව ජයගනු ලැබුවේ සමත් වූයේ බුවනෙක සහ සචින් ඩයස් විසිනි.


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 වැනිදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.