Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශා. පීතර - වලල ඒ. රත්නායක පෙරමුණේ

ශා. පීතර - වලල ඒ. රත්නායක පෙරමුණේ

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

88 වැනි වරටත් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය නිමා වන විට නවතරග වාර්තා 15 ක් පිහිටුවනු ලැබ තිබිණ. පළමු දිනයේදී නව වාර්තා වූ තුනක් පිහිටුවන ලද අතර තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) තවත් වාර්තා 12 ක් පිහිටුවන ලදි.

දෙවන දිනය නිමාවන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ බාලක අංශයේ පෙරමුණ ගැනීමට බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය සමත්වූ අතර බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත්ව සිටියේය.

බාලක අංශයේ දෙවන ස්ථානයේ කොළඹ රාජකීය විද්‍යාලය ද, තෙවන ස්ථානයේ මිගමුව මාරිස්ටෙලා විද්‍යාලය ද රැඳී සිටියහ. බාලිකා අංශයේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් නුගේගොඩ ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලය හිමිකරගෙන තිබිණ.

ඉතා තියුණු ස්වභාවයක් ගත් වයස අවුරුදු 18න් පහළ මීටර 100X4 සහය දිවීමේ තරගය තත්පර 41.88 කින් නිම කළ කොළඹ රාජකීය විද්‍යාලය ඉන් ජයගත් අතර, දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන හිමිකරගත් පාසල් තුනම පෙර ශුරතාවලි වාර්තාව අභිබවා යාමට සමත්විය. එම කණ්ඩායම් හතර බිඳ දැමුවේ 2015 වසරේදී ශා. බෙනඩික්ට් විද්‍යාලය විසින් තත්ත්පර 42.94ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

පසුගියදා නිමාවූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති මෙම ශුරතාවලියේදී මීටර 2000 සහ මීටර 3000 යන ඉසව් දෙකම නව වාර්තා පිහිටුවමින් නිමා කළාය.

 


අදහස් (0)

ශා. පීතර - වලල ඒ. රත්නායක පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.