Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවේ 8 ක් හෙට පිටියට

ශ්‍රී ලංකාවේ 8 ක් හෙට පිටියට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ භුබනේෂ්වර් හි කාලිංග ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන දැන් ක්‍රියාත්මක 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ 3 වැනි දිනය වන හෙට (8 දා) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර විජේසේකර ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් අවසන් සහ මූලික තරග නියෝජනය කිරීමට සූදානමින් සිටිති. අද (7දා) දිනයේදී එකම පදක්කමක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවිය.

උස පැනීමේ පිරිමි ඉසව්ව මීටර 2.10 ක ආසියානු ශූරතා මූලික කඩයිම සම්පූර්ණ කොට ඇති මංජුල කුමාර පදක්කමක බලාපොරොත්තුවක් ඇතිව තරගවදී. ඊට අමතරව නිලානි රත්නායක (මීටර 3000 බාධක), විදූෂා ලක්ෂානි (තුන් පිම්ම), විනෝද් සුරංජය සිල්වා (මීටර 200) සහ මීටර 4x400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම අවසාන තරග වලට සහභාගිවීමට සූදානමින් සිටිති.

ගයන්තිකා අබේරත්න (මීටර 800), නිමාලි ලියනාරච්චි (මීටර 800), ධනුක ලියනපතිරණ (දුරපැනීම), වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම) සහ ඉඳුනිල් හේරත් (මීටර 800) මූලික වටයේ තරග වලට සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ 8 ක් හෙට පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.