Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තරගාවලි 22 ක්

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තරගාවලි 22 ක්

Nisanka Sandeepani - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
මේ වසරේදී (2019) අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි 22කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකාව ආරාධනා ලබා සිටියි. වසර කිහිපයකට පසුව ආසියානු ගෝන්ෆ්‍රි මලල ක්‍රීඩා තරග මාලාව අදියර 2 කට සීමා කරමින් චීනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

ආසියානු යොවුන් හා ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරග මාලා දෙක කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් පුහුණු සංචිත ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව හොං කොං හිදී පැවැත්වෙන  ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් හෙට (19) එහි පළමු තේරීම් තරගාවලිය සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාර්ෂික තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 97 වැනි වතාවටත් ලබන අගෝස්තු 16 සිට 18 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. 
තවත් ජාත්‍යන්තර හා විවෘත තරගාවලි කිහිපයක් පැවැත්වෙන දින මෙතෙක් තහවුරුවී නොමැත. 

මෙම වසරේදී ශ්‍රී ලංකාව සහභාගිවීමට අපේක්ෂිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි

● පෙබරවාරි 17 : හොංකොං මැරතන් තරගය හොංකොං
● මාර්තු : 15 වැනි ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය.
● මාර්තු 6-8 : පිලිපීන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය - මැනිලාහිදී
● මාර්තු 15-17 : ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය - හොංකොං
● මාර්තු 17 : ආසියානු ඇවිදීමේ ශූරතා තරගාවලිය - ජපානයේ ෆෝමි නගරයේදී
● මාර්තු : දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය.
● මාර්තු 30 :ලෝක රට හරහා දිවීමේ ශූරතාවලිය - ඩෙන්මාර්කයේ ආරුස් නගරයේදී
● අප්‍රේල් 21-24 : ආසියානු මලල ක්‍රීඩාශූරතා තරගාවලිය - දෝහා කටාර්හිදී.
● මැයි : තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය - බැංකොක්හිදී
● මැයි 10-11 : ලෝක සහය දිවීමේ තරගාවලිය ජපානයේ යෝකහෝමාහිදී.
● මැයි : යුක්රේන් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය - යුක්රේනයේදී
● මැයි : මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය.
● මැයි : තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය 
● මැයි : ජර්මන් විවෘත මලල ක්‍රීඩා තරගාවලිය - නියුරන්බර් නගරයේදී
● ජූනි :  04 ආසියානු ගෝන්ප්‍රී මලල ක්‍රීඩා අදියර 1 තරගාවලිය - චීනයේ මෝන්ග්තින්ග්හිදී.
● ජූනි 7 : ආසියානු ගෝන්ප්‍රී මලල ක්‍රීඩා අදියර 2 තරගාවලිය - චීනයේ බෝන්ග්තින්ග්හිදී
● ජූලි 26 : වියට්නාම් විවෘත මලල ක්‍රීඩා තරගාවලිය.
● ජූලි : බෙල්ජියම් විවෘත ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය - බ්‍රසල්ස් නුවරදී
● අගෝස්තු - සැප්තැම්බර් : 13 වැනි දකුණු ආසියානු (සාග් ක්‍රීඩා උළෙල - නේපාලයේදී)
● සැප් 28 - ඔක් 6 : ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය - දෝහා කටාර්හිදී
● ඔක්තෝබර් - නොවැම්බර් : 17 වැනි ආසියානු මැරතන් ශූරතා තරගාවලිය, චීනයේදී
● ඔක්තෝබර් 19-20 : බෲනායි විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, බෙරකස්හිදී.


අදහස් (0)

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තරගාවලි 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.