Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වොලිබෝල් රන් පදක්කම් දෙකම වයඹට

වොලිබෝල් රන් පදක්කම් දෙකම වයඹට

Nisanka Sandeepani - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (24) නිමාව දුටු 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා හා පිරිමි රන් පදක්කම්  දෙකම දිනා ගැනීමට වයඹ පළාත සමත් විය.

වයඹ පළාත් කණ්ඩායම හා සබරගමුව පළාත් කණ්ඩායම අතර පැවැති පිරිමි අවසන් මහා තරගය වට 3-0 (25/19, 25/19, 25/22) කට ජය ගැනීමට වයඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ලකුණු 25/20, 25/15, 25/21 ක් ලෙසින් බස්නාහිර පළාත් පිල පරාජය කළ වයඹ ක්‍රීඩිකාවෝ කාන්තා වොලිබෝල් රන් පදක්කම දිනා ගත්හ. 

ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතිහාසය පුරා එහි වොලිබෝල් තරග මාලාවේදී පදක්කම් සතු කරගෙන සිටින වයඹ පළාත එය තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම ජයග්‍රහණ හමුවේ සමත්ව තිබේ.

 


අදහස් (0)

වොලිබෝල් රන් පදක්කම් දෙකම වයඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.