Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වෙළෙඳ සේවා තරගාවලියට 2500 ක්

වෙළෙඳ සේවා තරගාවලියට 2500 ක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන 35 වැනි එස්.එල්.ටී. වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (18 සහ 19) පැවැත්වේ. මෙවර තරගාවලිය ආධුනික, ශූරතා සහ විවෘත යන අංශ තුනෙන් සහ වයස් කාණ්ඩ හයක් යටතේ පැවැත්වේ. සම්පූර්ණ තරගාවලියට කේවල ඉසව් 224 ක් සහ කණ්ඩායම් ඉසව් 38 ක් ඇතුළත් වේ.

මෙම ක්‍රීඩා උළෙලට පළමු වරට කඹ ඇදීමේ තරගාවලියක් ඇතුළත් කර ඇති අතර එම තරගාවලියට පිරිමි කණ්ඩායම් 22 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් ඉදිරිපත්ව සිටින බව සංවිධායකයෝ පවසති.

මෙවර තරගාවලිය වසර හතරකට පසුව නැවතත් සුගතදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වේ. තරග ඉසව් පෙරවරු 7.30 සිට පස්වරු 8.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති හමුවේදී වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති  ප්‍රසන්න ඉන්දික මහතා පැවසුවේ තරුණ ජවයකින් යුත් තම සංගමයේ නව විධායක කමිටුව වෙළෙඳ සේවා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇඟට දැනෙන තරගාවලියක් සංවිධානය කර ඇති බවයි. වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි ආයතන 58 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත බව එම සංගමයේ ලේකම් ට්‍රොනාඩෝ ජයසුන්දර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මලල ක්‍රිඩකයකු, මේසපන්දු ක්‍රීඩකයකු සහ නිලධාරියකු වන රජීව් විජේසිංහ මහතා අඛණ්ඩව 35 වැනි වසරටත් මෙවර තරගාවලියට සහභාගි වීම මෙහිදී කැපී පෙනේ. තරගාවලියට ඉන්දීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 ක පමණ කණ්ඩායමක් ද සහභාගි වීමට නියමිතය.

මෙවර තරගාවලියට සහභාගි වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එලයන්ස් රක්‍ෂණ සමාගමේ අනුග්‍රහයෙන් රුපියල් ලක්‍ෂ 10 ක වටිනාමකින් යුත් රක්‍ෂණ ආවරණයක් හිමිවන බව ද සංවිධාකයෝ පවසති. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පිට පිටම තෙවැනි වසරටත් මෙම තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය දක්වයි.

 

ටෙලිකොම් සමාගමේ අජන්ත සෙනෙවිරත්න මහතා විසින් අනුග්‍රහක චෙක්පත වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති  ප්‍රසන්න ඉන්දික මහතා නිලවශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව.

ඡායාරූපය: නිමල්සිරි එදිරිසිංහ

 


අදහස් (0)

වෙළෙඳ සේවා තරගාවලියට 2500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.