Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වාර්තා පොත පිරෙන්නම දක්ෂතා

වාර්තා පොත පිරෙන්නම දක්ෂතා

නාමල් පතිරගේ - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නව වාර්තා 34 කින් වාර්තා පොත පිරුණු අන්තර් පාසල් සහය දිවීමේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් දිනා ගන්නා ලදි. වලල ඒ. රත්නායක මැදි විදුහල මෙම පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදීත් සිය දක්‍ෂතා තහවුරු කරමින් බාලිකා සමස්ත ශූරතාවට අමතරව මිශ්‍ර පාසල් කාණ්ඩයේ ශූරතාවත් හිමිකර ගැනීමට සමත්විය.

තෙදිනක් පුරා කොළඹ සුගතදාස පිටියේ දී පැවැති මෙම තරගාවලියට සිසු සිසුවියෝ 6000ක් පමණ සහභාගි වූහ.

සමස්ත ශූරතා (බාලක/බාලිකා) දිනාගත් මෙම දෙවිදුහල පසුගිය 14 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දීම නිමාවට පත්වූ ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා තරග මාලාවේදීත් බාලක හා බාලිකා ශූරතා දිනා ගත්තෝ වෙති. වලල ක්‍රීඩිකාවෝ බාලිකා සමස්ත ශූරතාව දිනා ගැනීමේ දී ඔවුන්ට කිසිදු සටනක් ප්‍රතිවාදීන්ගෙන් එල්ල නොවුණු අතර මිශ්‍ර පාසල් තරග කාණ්ඩයන් ඒ ආකාරයටම ඔවුන් විසින් පහසුවෙන් දිනා ගන්නා ලදහ.

නව තරග වාර්තා 34 ක් සටහන් වීමේ දී කැපී පෙනුණම සිදුවීම වූයේ ඉසව් තරගාවලියේ දී නව වාර්තා බිහිවීමට අමතරව ඒ සඳහා තරග වැදුණු කණ්ඩායම් ගණනාවක්ම පැරණි වාර්තා අභිබවමින් දස්කම් දැක්වීමය. එය ඇතැම් ඉසව්වල දී පස්වැනි ස්ථානය අභිබවා යන තරම් විය.

මීට වසර කීපයකට පෙර දී ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය ඉරට්ටේ වයස් කාණ්ඩයන් හඳුන්වා දුන්නේ එතෙක් භාවිතා කළ ඔත්තේ වයස් කණ්ඩයන් ඉවත් කරමිනි. ඊට හේතු ලෙස එහි ලේකම් නෙවිල් රුද්‍රිගු මහතා පැවසුවේ ජාත්‍යන්තරව පිළිගත් වයස් කාණ්ඩයන්ට සිය සංගමය අනුගත වූ බවයි. වලල රත්නායක විදුහල වයස 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ වයස් කාණ්ඩ බාලිකා ශූරතා තුනක් ද දිනා ගනිමින් සිය දක්‍ෂතා ප්‍රකට කර තිබුණි.

මෙම තරගාවලිය බෝගම්බර පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිය දී අවසන් මොහොතේ කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට කටයුතු කෙරුණි. වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් බෝගම්බර පිටියේ ජලය රැඳීම ඊට හේතුවූ බව තරග සංවිධායකයෝ පැවසූහ.

ගල්කිස්ස විද්‍යා (වයස 12 න් පහළ), මාතර රාහුල (14 න් පහළ), කුරුණෑගල ශ්‍රීමත් ජොන් කොතලාවල (16 න් පහළ), කොටහේන ශාන්ත බෙනඩික්ට් (18 න් පහළ) හා බම්බලපිටිය ශාන්ත පීතර (20 න් පහළ) යන විදුහල් වයස් කාණ්ඩ ශූරතා දිනා ගැනීමට සමත් වූහ.

බාලිකා වයස් කාණ්ඩ ශූරතා දිනා ගැනීමේ දී මොරටුව අප ජයලත් ස්වාමිදුවගේ කන්‍යාරාමය (වයස 12 න් පහළ) පන්නිපිටිය ධර්මපාල (14 න් පහළ), වලල ඒ රත්නායක මැදි විදුහල (16 න් පහළ, 18 න් පහළ හා 20 න් පහළ) එම ශූරතා දිනා ගැනීමට සමත් වූහ.


තරගාවලියේ සමස්ත ශූරතා දිනූ පාසල්

බාලක තරගාවලිය
■    ශූරතාව - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (82),
■    අනුශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (55),
■    තෙවැනි ස්ථානය - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (45)

බාලිකා තරගාවලිය
■    ශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (180),
■    අනුශූරතාව - පන්නිපිටිය ධර්මපාල විදුහල (55),
■    තෙවැනි ස්ථානය - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම. වි. (53)

මිශ්‍ර පාසල් තරගාවලිය
■    ශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (125),
■    අනුශූරතාව - ගම්පහ සිරිකුරුස විදුහල (79),
■    තෙවැනි ස්ථානය:- පන්නිපිටිය ධර්මපාල විදුහල (43).

වලල ඒ. රත්නායක මැදි විදුහල

 

 

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල


අදහස් (1)

වාර්තා පොත පිරෙන්නම දක්ෂතා
  • චමෝද් ද සිල්වා Monday, 23 September 2019 10:43 AM

    ඉස්සර නම් මේ තරග මහත් උත්සවාකාරයෙන් තිබ්බා. ඒත් දැන් මේවාට තියෙන අවධානය අඩුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.