Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යෝගාගේ 50 වසරක මෙහෙවරට උපහාර

යෝගාගේ 50 වසරක මෙහෙවරට උපහාර

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පළමු අධ්‍යක්ෂවරයා ද වන යෝගානන්ද විජේසුන්දර මහතාගේ ක්‍රීඩා දිවියට වසර 50ක්  සැපිරීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා සංවිධානය කරන ‘යෝගා හරසර’ අබිමන් ප්‍රණාම උළෙල අනිද්දා (17) පෙරවරු 10.00 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සේව් ද ස්පෝට්ස් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන එම එම ප්‍රණාම උළෙලට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වෙති. 

හැටේ දශකයේදී ජාතික කඩුලු පැනීමේ ශූරයකු ලෙස දෙස් විදෙස් කෙළිබිමේ දස්කම් දැක්වූ විජේසුන්දර මහතා එකල වොලිබෝල් ක්‍රීඩාවෙන්ද දස්කම් දැක්වූවෙකි. පසුව 1967 දී ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට එක්ව තිබේ. 1979 දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ආරම්භ කළ ජාතික ක්‍රීඩා පාසල පසුව ජාතික ක්‍රීඩා විද්‍යායතනය බවට පත්වූ අතර එහි ආරම්භක අධ්‍යක්ෂකවරයා වෙමින් එය විද්‍යායතනයක් දක්වා උසස් තත්ත්වයකට ගෙන ඒමට කැපුවූ පුරෝගාමියා වන්නේද හෙට උපහාර ලබන යෝගානන්ද  විජේසුන්දර මහතාය. 

ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ඔහු බිහිකළ ජාත්‍යන්තර පදක්කම් දීනු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු) දිලීමා පීටර්සන් (දුර පැනීම), ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිණි ඉලේපෙරුම (මීටර් 100-200-400-800) රවීන්ද්‍ර කුමාර (මීටර් 400) කේ. ඒ. කරුණාරත්න (මැරතන්) පද්ම කුමාර අමරසේකර (මීටර් 400) හා මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු)  ආදිහු කැපී පෙනෙති. මේ වනවිට අක්ෂි ආබාධයක් හේතුවෙක් ප්‍රතිකාර ගන්නා විජේසුන්දර මහතා 73 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවෙකි. 

 


අදහස් (0)

යෝගාගේ 50 වසරක මෙහෙවරට උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.