Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් - ඇවිදීමේ තරග අනුරාධපුරයේදී

මැරතන් - ඇවිදීමේ තරග අනුරාධපුරයේදී

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් හා ඇවිදීමේ කාන්තා හා පිරිමි තරග මාලාව සෙනසුරාදා සහ ඉරිදා (16 සහ 17) අනුරාධපුරයේදී පැවැත්වේ. මෙවර 29 වැනි වතාවටත් පැවැත්වෙන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ඇවිදීම (කාන්තා හා පිරිමි) තරග සෙනසුරාදා පෙරවරු 6.00 ට අනුරාධපුරය මධ්‍ය මහ විදුහල අසලින් ආරම්භ වේ.

අනුරාධපුරය “සල්ගාදු” ක්‍රීඩාංගණය අසලින් මෙවර යොවුන් ක්‍රීඩා මැරතන් කාන්තා හා පිරිමි තරග ආරම්භ වන්නේද එදින පෙරවරු 6.00 ටය. ඇවිදීමේ පිරිමි තරගය අනුරාධපුර මැදි විදුහල අසලින් ආරම්භවී ජයන්ති වට රවුම දක්වා එම මාර්ගය ඔස්සේම වට හයක් දක්වා ගමන් කර අවසන් කෙරේ. ඇවිදීමේ කාන්තා තරගයේ දුර එම මාර්ගය ඔස්සේම වට තුනකි.

මැරතන් තරග අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වී යාපනය හන්දිය, මිහින්තලය, මාතලේ හංදිය, නුවර පාර, ගල්කුලම හංදිය, 118/1 පාලම දක්වා ගොස් ආපසු හැරී එම මාර්ගය ඔස්සේම ගමන් කර නැවත සල්ගාදු පිටිය අසලට ළඟාවීමෙන් නිමාවට පත් කෙරේ. අර්ධ මැරතන් කාන්තා තරගයේ දුර කිලෝමීටර 21 කි.

මෙවරත් ජාතික යොවුන් ක්‍රීඩා උළෙල සඳහා දිවයින පුරා යෞවන සමාජ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 දෙනකු පමණ සහභාගිවීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා “ලංකාදීප”යට පැවැසීය.
එම සභාව ප්‍රධාන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙවරත් යොවුන් ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.

පසුගිය වසරේදී ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කේ.පී.එන්.එස්. කරුණාතිලකද අර්ධ මැරතන් ශූරිය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ.එස්.එල්.ඩී. ලියනගේද රන් පදක්කම් දිනා ගත්හ.

මෙවර 29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මෙම 27, 28, 29, 30 යන දිනවල අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

මැරතන් - ඇවිදීමේ තරග අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.