Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා සංගමයේ ඉරිතැලීම්

මලල ක්‍රීඩා සංගමයේ ඉරිතැලීම්

ශනුක අරවින්ද - 2018 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලධාරිනියක් සම්බන්ධයෙන් නිලධාරී පිරිසක් අතර ඇතිවී තිබෙන බව කියන මත ගැටුමක් හේතුවෙන් හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විධායක සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වේ.

සංගමයේ උපසභාපතිනියකට එරෙහිව එහි උපසභාපතිවරයකු විසින් බාරදී තිබෙන විශ්වාසභංගයක් සාකච්ඡා කිරීම හෙට පැවැත්වෙන විධායක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැත. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් සංගමයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට හෙට පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී සැරසී සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ වනවිට පාර්ශ්ව කීපයකට බෙදී සිටින බවත් මෙතෙක් එහි ප්‍රධානියකුට පක්‍ෂව කටයුතු කරමින් සිටි බව කියන ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් දෙදෙනකු එහි ප්‍රධානියාට පළකර තිබූ සහයෝගය ඉවත් කර ගන්නා බවට ප්‍රකාශ කර ඇතැයි ද මලල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

සංගමයේ නිලධාරියකුට එරෙහිව දෝෂාභියෝගයක් මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාට බාරදීමෙන් දින 21 ක් ඉක්ම යාමට පෙර ඒ සම්බන්ධයෙන් විධායක සභා න්‍යාය පත්‍රයේ ඇතුළත් කර සුදුසු පියවර ගැනීම සඳහා සාකච්ඡා කළ යුතු වුවත් සංගමයේ ව්‍යාවස්ථාවට පටහැනිව යමින් එය අද පැවැත්වීමට නියමිත විධායක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් අපොහොසත් වී ඇතැයි එහිදී චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වුවත් උපසභාපතිනියට එරෙහිව එකී දෝෂාභියෝගයට අත්සන් කළ බව කියන සංගම් කීපයක ප්‍රධානීන් ඊට සහයෝගය නොදෙන මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන්ට ලිපි මගින් දැනුම් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹදී නිමාවට පත්වූ තෙැවනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ රාජකාරි පැවැරී තිබූ එකී උපසභාපතිනිය හා උපසභාපතිවරයා අතර ආරවුලක් මෙම සිදුවීමට පාදක වී තිබේ.


අදහස් (0)

මලල ක්‍රීඩා සංගමයේ ඉරිතැලීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.