Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා තරග 23 දා සිට

මලල ක්‍රීඩා තරග 23 දා සිට

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර පාසල් ජවන සහ පිටිය මලල ක්‍රීඩා තරගාවලිය මෙම මස 23, 24 සහ 25 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. 18 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් සංවිධානය කරනු ලබයි. 

ජාත්‍යන්තර පාසල් 23 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසක් ඊට සහභාගීවීමට නියමිතය.

වයස් සීමා පහක් යටතේ (වයස අවු 12න් පහළ, 14න් පහළ, 16 න් පහළ, 18න් පහළ සහ 20න් පහළ) බාලක බාලිකා වශයෙන් තරග ඉසව් සංඛ්‍යාව 106 කින් පැවැත්වේ.

මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා වෙළඳ සහ අධ්‍යාපන ආයතන රැසක් එක් වී ඇති අතර එහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ පියර්සන් අධ්‍යාපන සේවා ආයතනයයි. තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය විජය පුවත්පත් ආයතනය වෙතිනි. 

මෙවර තරගාවලිය සඳහා රුපියල් ලක්ෂ 60-70 ක් අතර මුදලක් වැය වන බව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සංගමයේ අධ්‍යක්ෂක ජනරාල් පාලිත ජයතිලක මහතා පවසයි.  2001 වසරේ දී ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සංගමය ආරම්භ කර ඇත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අධිපතිව සිටි අභාවප්‍රාප්ත ආර්. අයි. ටී. අලස් මහතාය.

තරගාවලියට සහභාගි වන ජාත්‍යන්තර පාසල් මෙසේය. 

ආසියානු ජාත්‍යන්තර පාසල 
ඇලීතියා ජාත්‍යන්තර පාසල
බීවර් කොලේජ් ජාත්‍යන්තර පාසල
බි්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසල
බුර්හානි සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල
කොළඹ ජාත්‍යන්තර පාසල - කොළඹ
කොළඹ ජාත්‍යන්තර පාසල - මහනුවර
එලිසබෙත් මොයර් ජාත්‍යන්තර පාසල
ගේට්වේ ජාත්‍යන්තර පාසල - කොළඹ
ගේට්වේ ජාත්‍යන්තර පාසල - මහනුවර
ලීඞ්ස් ජාත්‍යන්තර පාසල
ලයිසියම් ජාත්‍යන්තර පාසල - නුගේගොඩ
ලයිසියම් ජාත්‍යන්තර පාසල - පානදුර
ලයිසියම් ජාත්‍යන්තර පාසල - රත්නපුර
ලයිසියම් ජාත්‍යන්තර පාසල - වත්තල
ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල
ඕකේඅයි ජාත්‍යන්තර පාසල
ඕවර්සීන් ජාත්‍යන්තර පාසල
රීජන්ට් ජාත්‍යන්තර පාසල
රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල
ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල
විචර්ලි ජාත්‍යන්තර පාසල
සාන්ත නිකොලස් ජාත්‍යන්තර පාසල


අදහස් (0)

මලල ක්‍රීඩා තරග 23 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.