Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩිකා පාරමීට ජනපතිගෙන් අතහිත

මලල ක්‍රීඩිකා පාරමීට ජනපතිගෙන් අතහිත

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ගිෆු නුවරදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් මලල ක්‍රීඩිකා පාරමි වසන්ති මාරිස්ටෙලාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයට රුපියල් ලක්ෂ 15 ක් ප්‍රධානය කළේය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පැවැති මෙම මුදල් ප්‍රධානය කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ එම ක්‍රීඩිකාවගේ දෙමව්පියෝ එක්ව සිටියහ.

පසුගිය කාලයේදී ජාත්‍යන්තර තරගවලදී පදක්කම් රැසක් දිනාගත් මෙම ක්‍රීඩිකාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇය ආර්ථීක අපහසුතා රැසක් මැද සිය ක්‍රීඩා කටයුතු කරගෙන යන අතර ධීවර කර්මාන්තයේ නිරතවන ඇයගේ පියාගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් මෙන්ම පවුලේ සුබසාධන කටයුතු වෙනුවෙන්ද ඉදිරියේදී තවදුරටත් සහාය දැක්වීමට තමා කටයුතු කරන බවත් එහිදී ජනාධිපතිවරයා ඇයට ප්‍රතිඥා දී තිබේ. 

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට අමතරව වසන්ති, 2016 වසරේ රුසියාවේදී පැවැති ආසියානු ළමා ක්‍රීඩා තරගාවලියේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීම සහ 2017 වසරේ ඩුබායිහිදී පැවති වයස 18 න් පහළ රගර් තරගාවලියට සහභාගි වීම ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට හිමිකම් කියන්නීය. ඇය ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගවලදීද නව වාර්තා පිහිටුවමින් විශ්ෂට දක්ෂතා දක්වා තිබේ. 

-036


අදහස් (0)

මලල ක්‍රීඩිකා පාරමීට ජනපතිගෙන් අතහිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.