Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පැරාලිම්පික් ජාතික තරගාවලිය 5-6

පැරාලිම්පික් ජාතික තරගාවලිය 5-6

යොහාන් භාසුර - 2019 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කරන ප්‍රධානම මලල ක්‍රීඩා තරගාවලිය වන ජාතික පැරාලිම්පික් කමිටුව මෙහෙයවන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය (2019) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන සැප්තැම්බර් මස 5 සහ 6 දෙදින පැවැත්වේ.

මෙම තරගාවලියට ජාතික පැරාලිම්පික් කමිටුවට අනුබද්ධ දිවයින පුරා ක්‍රීඩා සමාජ 45 කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.
 
මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, දෘශ්‍යාබාධිතයන් සහ ශාරීරික ආබාධ සහිත හා බුද්ධි ඌණතා සහිත පුද්ගලයන් ලෙස කාණ්ඩ තුනක් යටතේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන් තරගාවලිය පැවැත්වේ. විවිධ කාර්යබද්ධ ප්‍රභේද යටතේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 190 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගාවලියට ඇතුළත් වේ.

ඩුබායිහිදී ලබන නොවැම්බර් මස පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරගාවලියක් ලෙසද ජාතික පැරලිම්පික් තරගාවලිය සැලකෙන බව ජාතික පැරලිම්පික් කමිටුව පවසයි.

මෙවර තරගාවලිට ද ඩයලොග් ආසියාටා සමාගම ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ඉදිරිපත්ව සිටියි.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා පැවසුවේ තම සංගමය මගින් ලබාදී ඇති පරිසාධන මට්ටම සම්පූර්ණ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක පැරා තරගාවලියට සහභාගි කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
“ලෝක මට්ටමේ පළමු හය අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 ක් ඇතුළත් ජාතික පැරා මලල ක්‍රීඩා සංචිතයක් මේ වන විට පුහුණුවීම් කරනවා. ඒ පුහුණුවීම්වල සාර්ථකත්වය මත කොපමණ සංඛ්‍යාවක් ප්‍රධාන තරගාවලිවලට සහභාගි වනවාද යන්න තීරණ වෙයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.


 


අදහස් (0)

පැරාලිම්පික් ජාතික තරගාවලිය 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.