Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට පාබල හමුදාව සමත් විය. රන් පදක්කම් 64 ක්, රිදී පදක්කම් 45 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් දිනාගනිමින් පාබල හමුදාව මෙවර තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීවේය.
රන් පදක්කම් 32 ක්, රිදී පදක්කම් 28 ක් සහ ලෝකඩ පදක්කම් 26 ක් දිනාගත් ගජබා රෙජිමේන්තුව ක්‍රීඩා උළේලේ සමස්ත අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනාගත් විජයබා රෙජිමේන්තුවට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.වී.ටී. ධනංජය සම්මාන දිනාගත් අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් සී.එන්.බී. ඉන්ද්‍රපාල වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජී.ජී.එස් ගලහිටියාව ඔහුට හිමි දුනු විදීමේ අංශයේ අනුශූරතාව ඩයලොග් ආසිආටා පී.එල්.සී හි ජාල මෙහෙයුම් හා සේවා සහතික වීම පිළිබඳ උප සභාපති ඉන්දික වල්පිටගේ අතින් හිමිකරගනී. යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් රෝලන්ඩ් බෝගොඩවත්තද මෙම අවස්ථාවට එක් විය. |
ශ්‍රී ලංකා සැහැල්ලු පාබල රෙජිමේන්තුවේ මේජර් අනුර තෙන්නකෝන් 2019 යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලියේ ශූරයාට හිමි සම්මානය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා අතින් හිමිකරගත් අවස්ථාව ඡායාරූපයේ වමේ සිට දකුණට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ලායා ලෙෂර්හි ප්‍රධාන විධායක නිලධාරි සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් රාජා ගුණසේකර |
ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඊ.එම්.ආර්.එස් පරණමාන්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සභාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතින් රෝදපුටු වොලිබෝල් සඳහා අනුශූරතා කුසලානය හිමිකරගනිමින් ඡායාරූපයේ වමේ සිට දකුණට - නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ලායා ලෙෂර්හි ප්‍රධාන විධායක නිලධාරී සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් රාජා ගුණසේකර |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.