Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පාසල් සහාය දිවීමේ ශූරතාවලිය 20 දා සිට

පාසල් සහාය දිවීමේ ශූරතාවලිය 20 දා සිට

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය මේ මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 357 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000 ක් පමණ සහභාගි වෙති. තරගාවලියේ බාලක තරග සඳහා පාසල් 179 ක්ද, බාලිකා තරග සඳහා පාසල් 178 ක්ද ලියාපදිංචි වී සිටිති.

එහිදී අවුරුදු 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 ක් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම සහාය දිවීමේ ඉසව් 38 ක් පැවැත්වේ.

ඉකුත් වසරේ (2018) පැවැති සහාය දිවීමේ ශූරතාවලිය බාලක ශූරතාව දිනාගැනීමට ලකුණු 118 ක් ලබාගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් වූ අතර ලකුණු 79 ක් ලබාගත් කොළඹ රාජයකීය විදුහලට එහි අනු ශූරතාව හිමිවිය.

ලකුණු 116 ක් ලබාගත් වලල ඒ. රත්නායක විදුහල එවර බාලිකා ශූරතාව දිනාගත් අතර එහි අනු ශූරතාව හිමිකර ගැනීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල සමත් වූයේ ලකුණු 54 ක් ලබාගනිමිනි.

තරග කලමණාකරු නෙවිල් රොද්‍රිගූ (071-7736538), තරග ලේකම් ප්‍රභාත් ඉන්දික (071-8009193) යන මහත්වරු ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු ලබාගත හැකිය.

-036

 


අදහස් (0)

පාසල් සහාය දිවීමේ ශූරතාවලිය 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.