Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිමාලි - ගයන්තිකා අවසන් තරගයට

නිමාලි - ගයන්තිකා අවසන් තරගයට

editorial - 2019 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීටර 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා වන ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි දෙදෙනාම  දෝහා කටාර්හිදී ඊයේ (21) ආරම්භ වූ 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන පළපුරුදු ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි විනාඩි 2 තත්පර 05. 10ක දක්ෂතාවයක් දක්වමින්ද ගයන්තිකා අබේරත්න විනාඩි 2 තත්පර 05.20ක දක්ෂතාවයක් දක්වමින් අද  (22) පැවැත්වෙන මීටර 800 (කාන්තා) අවසන් තරගයට ප්‍රවේශ වූහ. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගිය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදීත් මීටර 800 ඉසව්වෙන් රන් පදක්කම හා රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවන් වන අතර මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු බවට ඔවුහු පත්ව සිටිති.

අද අවසන් තරගයට ඔවුන් සහභාගිවීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.00 ටය. මේ අතර ඊයේ තරගාවලියේ පළමු දිනයේ මූලික වට සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙවැනි වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

එහිදී ග්‍රේෂන් ධනංජය මීටර 15.87 ක දක්ෂතාවයක් පළ කරමින් තුන් පිම්ම (පිරිමි) ඉසව්වේ අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ග්‍රේෂන් පළ කළ  දක්ෂතා අනුව එම ඉසව්වේ සිව්වන ස්ථානයේ රැඳී සිටියේය.

අජිත් ප්‍රේමකුමාර මීටර 400 (පිරිමි) ඉසව්වේ මූලික වටය තත්පර 47.31 කට නිමා කරමින් එහි අවසන් පූර්ව වටයට වරම් ලබා තිබුණෙත් ඊයේ දිනයේදීය.

මීටර 800 (පිරිමි) ඉසව්වේ මූලික වටයෙන්ද ශ්‍රී ලංකාව ඊයේ පළමු පියවර සාර්ථක කර ගෙන තිබුණි. ඒ සඳහා ඉදිරිපත් වූ රුසිරු චතුරංග විනාඩි 1 තත්පර 50.55 ක දක්ෂතාවයක් දක්වමින් දෙවනි වටයට එසේ තේරුණි. එහි අවසන් පූර්ව හා අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද අද දිනයේදීය.

නදිකා රාමනායක තත්පර 53.66 කට මම මූලික වටයේ පළමු තැනට පත්වෙමින් මීටර 400 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැන්වූවාය.

අද මීටර 400 අවසන් තරගයට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩක අජිත් ප්‍රේමකුමාර පසුගිය තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් මීටර 400x4 ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

 


අදහස් (0)

නිමාලි - ගයන්තිකා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.