Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිදහස් දිනයේදී මැරතන් - පාපන්දු තරගාවලි

නිදහස් දිනයේදී මැරතන් - පාපන්දු තරගාවලි

Nisanka Sandeepani - 2019 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ජාතික නිදහස් දිනය නිමිතිත්තෙන් අවිස්සාවේල්ල පිලිප් ගුණවර්ධන ක්‍රීඩා සමාජය අවිස්සාවේල්ල ආසනයේ තරඟකරුවන් සඳහා සංවිධානය කරන මැරතන් තරගය සහ දිවා/රාත්‍රී සත් සාමාජික පාපන්දු තරගාවලිය පෙබරවාරි 04 වන දින අවිස්සාවේල්ල පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම තරග සිටිසන් ප්‍රොපටි ඩිවලප්මන්ට් අභියෝග කුසලාන වෙනුවෙන් පැවැත්වේ.
 
මැරතන් තරගය පෙ.ව 6.00 ට අවිස්සාවේල්ල පිල්ප් ගුණවර්ධන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර තරගකරුවන් දින 03ක් ඇතුළත ලබා ගත් ඊ.සී.ජී. වාර්තාවක් සහ හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යවේ.
 
දිවා/රාත්‍රී සත් සාමාජික පාපන්දු තරගාවලිය දහවල් 12.00 සිට රාත්‍රී 9.00 දක්වා පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
 
මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රු. 25,000 ක්ද, දෙවන ස්ථානය රු.15,000 ක් ද, තුන්වැනි ස්ථානය රු. 10,000 ක්ද පිරිනැමේ. ඊට අමතරව විශේෂ ත්‍යාග සහ කුසලාන පිරිනැමීමට ද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. 
 
පාපන්දු තරගාවලියේ ශූරතාවය සඳහා රු. 20,000 ක් ද, අනුශූරතාවය සඳහා රු. 10,000 ක මුදලක් ද පිරිනැමීමට නියමිතය. 
 
මැරතන් තරගය සඳහා තොරතුරු දුරකතන අංක 071 0462582 (අනෝජ්) හෝ 071 5290636 (චන්දු) ඔස්සේද පාපන්දු තරගාවලිය සඳහා තොරතුරු දුරකතන අංක 071 0462582 (අනෝජ්) හෝ 071 8669550 (ප්‍රියන්ත) ඔස්සේද ලබා ගත හැකිය. 

අදහස් (0)

නිදහස් දිනයේදී මැරතන් - පාපන්දු තරගාවලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.