Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගිගෙන් රන් පදක්කමක්

දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගිගෙන් රන් පදක්කමක්

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිණී සාරංගි සමත් වූවාය. සිය දෙවැනි උත්සාහයේදී මීටර 6.38 ක දක්ෂතාවක් දක්වමින් ඇය එම රන් පදක්කමට කිමිකම් කීවාය.

එම ඉසව්වේ රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වූ අතර එය දිනා දීමට අංජනී උත්පලා සමත් වූයේ මීටර් 6.11 ක දක්ෂතාවක් දක්වමිනි. ඇය එම දක්ෂතාව දැක්වූයේ ඇගේ පළමු උත්සාහයේදීම වීම කැපී පෙනෙන සිදුවීමකි.

මේ අතර අද පැවැති සෙසු මලල ක්‍රීඩා ඉසව් වලදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් 2 ක් හිමි විය. පිරිමි මීටර් 200 ඉසව්වට සහභාගි වූ විනෝජ් සුරංජය (තත්පර 21.19) සහ පිරිමි මීටර් 10,000 ඉසව්වට සහභාගි වූ කේ. ශන්මුගනේෂ්වරන් (විනාඩි 30:49.30) ශ්‍රී ලංකාවට එම රිදී පදක්කම් දිනා දුන්හ.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගිගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.