Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ටෝකියෝ මැරතන් තරගය අවලංගු කරයි

ටෝකියෝ මැරතන් තරගය අවලංගු කරයි

editorial - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීහු අද (17) පියවර ගත්හ. කොරෝනා වයිරසය පෙරට වඩා වේගයෙන් රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ජපන් රජය නිවේදනය කිරීමත් සමඟ සංවිධායකයෝ ඉහත තීරණය ගත්හ.

මේ හේතුවෙන් ධාවකයන් 38,000කට පමණ ධාවන තරගයට සහභාගී වීමට සිදු නොවන බව වාර්තා වේ.

‘‘ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු පිළිබඳ සිදුවීම් කිහිපයක් වර්තා වී තිබෙනවා. මේ නිසා අපට මේ තරගය සංවිධානය කිරීමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ නිසා තරගය අවලංගු කිරීමේ අවාසනාවන්ත තීරණයට එළැඹීමට අපට සිදුවුණා යැයි ටෝකියෝ මැරතන් පදනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම තීරණයෙන් රෝද පුටු භාවිත කරමින් මැරතන් තරගයට එක්වන ධාවකයන් ඇතුළු ප්‍රවීණ ධාවකයන්ට බලපෑමක් සිදු නොවන බව ද සංවිධායකයෝ කීහ. රෝද පුටු මැරතන් තරගකරැවන්ට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 1 වැනිදා පැවැත්වීමට නියමිත මැරතන් ධාවන තරගයට ලියාපදිංචි වූ ධාවකයන් දස දහස් ගණනකින් ධාවකයන් 200කට පමණි.

ටෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් නොවන්නැයි එහි සංවිධායකයෝ පසුගිය සතියේදී චීන තරගකරැවන්ගෙන් ඉල්ලා සිටියහ.

මේ වසරේ පැවැත්වෙන ධාවන තරගයට ලියාපදිංචි වූ චීන තරගකරැවන් ද ඇතුළුව ආධුනික ධාවකයන්ට 2021 වසරේ පැවැත්වෙන ටෝකියෝ මැරතන් තරගයට සහභාගී වීමට අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ඔවුන්ට යෙන් 5,600 සිට (ඇමෙරිකානු ඩොලර් 50) සිට යෙන් 18,200 දක්වා ඇතුළු වීමේ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සංවිධායකයෝ සඳහන් කළහ.

මේ වසරේ පැවැත්වෙන මැරතන් ධාවන තරගයට ගෙවූ ඇතුළු වීමේ ගාස්තුව නැවත නොගෙවන බව ද සංවිධායකයෝ කීහ.

කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීම් 65ක් පමණ ජපානයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව ජපානයට ආසන්නයේ රඳවා ඇති ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ නෞකාවේ සිය ගණනකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එම නෞකාව මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇත.

විශාල වශයෙන් ජනතාව රැස්වෙන ස්ථානවලට සහ අනවශ්‍ය ලෙස රුස් නොවන්නැයි ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉරිදා අනතුරු ඇඟවීය.

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දිනය වෙනුවෙන් උත්සවයක් පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර එය ද අවලංගු කර තිබේ.

ඒ.එෆ්.පී

- 055


අදහස් (0)

ටෝකියෝ මැරතන් තරගය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.