Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජෝන් ටාබට් දෙවැනි දිනයේ නව වාර්තා 8 ක්

ජෝන් ටාබට් දෙවැනි දිනයේ නව වාර්තා 8 ක්

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (9) මීටර 200 වයස 13න් පහළ බාලිකා අවසන් තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් හය දෙනාම එහි පැරණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීමට සමත් වූහ. එහිදී එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූ නාවල ජනාධිපති බාලිකා විදුහලේ රුවන්යා වීරක්කොඩි එහි නව වාර්තාවේ හිමිකාරිය වූයේ තත්ත්පර 26.7 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.රුවන්යා වීරක්කොඩි වයස 13 න් පහළ දුර පැනීමේ ඉසව්වේදීත් නව වාර්තාවක් පිහිටවූවාය.


තරගාවලියේ දෙවැනි දිනය වූ අද පිහිටුවන ලද වාර්තා සංඛ්‍යාව 8 කි. ඊයේ පිහිටුවන ලද වාර්තා 3 ත් සමගින් දින දෙකකදී පිහිටුවන ලද වාර්තා සංඛ්‍යාව 11 කි.


ඒ අතරම ඊයේ පැවැති 14 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ බාලිකා ඉසව්වේදීත් එවැනිම දක්ෂතාවයක් පළ විය. එහිදී සිව් වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවෝ පැරණි වාර්තාව අභිබවා යමින් දක්ෂතා දැක්වීමට සමත්වීම කැපී පෙනුණි.


ඊයේ පැවැති පිටියේ ඉසව්හිදී කවපෙත්ත විසිකිරීම, වයස 15න් පහළ බාලක ඉසව්වෙන් පේදුරුතුඩුව හාට්ලි විදුහලේ සුසෙන්තිර් කුමාර් මිතුන්රාජ් මීටර් 53.23ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීමත්, හෙල්ල විසි කිරීම වයස 14 න් පහළ බාලක ඉසව්වෙන් හලාවත ශාන්ත මේරි විදුහලේ දිනේෂ් දිල්ෂාන් මීටර් 49.70ක දක්ෂතාවයක් දැක්වීමත් කැපී පෙනුණි.


කෙසේ වුවත් අන්තර්ජාතික නව මලල ක්‍රීඩා තරග නීති රීති අනුව කනිෂ්ඨ විසිකිරීමේ ඉසව් සඳහා යොදා ගන්නා තරග උපකරණවල බර අඩු කර තිබේ. එහිදී වයස 14න් පහළ කාණ්ඩයේ හෙල්ල විසි කිරීම සඳහා මෙතෙක් යොදා ගත් හෙල්ලයේ බර ග්‍රෑම් 600 සිට ග්‍රෑම් 500 දක්වා අඩු කර තිබේ.


මෙම තරගාවලියේ අවසන් දිනය වන අද (10) ඉසව් අවසන් තරග 30ක් පැවැත්වේ.


දෙවැනි දින පිහිටුවන ලද නව තරග වාර්තා

■    මීටර් 200 වයස 15 න් පහළ බාලක - එච්.එස්. මල්වාන (ගාල්ල මහින්ද - තත්ත්පර 22.6)

■    මීටර් 800 - වයස 15 න් පහළ බාලක - අවිෂ්ක ගුරුසිංහ (මාදම්පේ සේනානායක මැදි - විනාඩි 2 තත්ත්පර 4.9)

■    කවපෙත්ත විසිකිරීම - වයස 15 න් පහළ බාලක - සුසෙන්තිජ කුමාර් මිතුන්රාජ් (පේදුරුතුඩුව හාට්ලි - මීටර 53.23)

■    මීටර් 80 කඩුලු - වයස 14 න් පහළ බාලක - නදීම් දුල්නිත් (මාතර රාහුල - තත්ත්පර 11.5)

■    දුර පැනීම - වයස 15 න් පහළ බාලිකා - සදිනි කවීෂා (දික්වැල්ල විජිත මැදි - මීටර් 5.47)

■    කවපෙත්ත විසිකිරීම - වයස 15 න් පහළ බාලිකා - හෂිනි මහේෂිකා (කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා - මීටර් 35.46)

■    මීටර් 200 -  වයස 14 න් පහළ බාලිකා - ඩබ්ලිව්.වී.ආර්.ජී. විජේතුංග (කොළඹ ආනන්ද බාලිකා - තත්ත්පර 26.4)

■    මීටර් 80 - කඩුලු - වයස 14 න් පහළ බාලිකා - එස්.ඩී. කහන්ගම (රත්නපුරය සුමන බාලිකා - තත්ත්පර 12.7)

■    දුර පැනීම වයස 13 න් පහළ බාලිකා - රුවන්යා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා මීටර් 4.22)

■    මීටර් 80 කඩුලු - වයස 13 න් පහළ  බාලිකා - තරුෂි හන්සිකා (දික්වැල්ල විජිත මැදි - තත්ත්පර 13.9)

■    මීටර් 200 වයස 13 න් පහළ බාලිකා - රුවන්යා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා - තත්ත්පර 26.7)

 


අදහස් (0)

ජෝන් ටාබට් දෙවැනි දිනයේ නව වාර්තා 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.