Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජෝන් ටාබට් අවසන් අදියරට 2100 ක්

ජෝන් ටාබට් අවසන් අදියරට 2100 ක්

ශනුක අරවින්ද - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරග මාලාවේ අවසන් අදියර හෙට (8) පෙරවරු 8.30ට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සිකුරාදා (10 වැනිදා) දක්වා පැවැත්වෙන මෙම අවසන් අදියර තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 350 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2100 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

මෙවර තරගාවලිය නව මුහුණුවරකින් පැවැත්වීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. දිවයිනේ පාසල් 1000 කින් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,000 කට අධික පිරිසක් දින කීපයක් තුළ එකම තරගාවලියකට සහභාගි වීමේදී ඇතිවන ප්‍රායෝගික දුෂ්කරතා අවධානයට යොමු කළ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය ඒ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය.

ඒ අනුව මෙම තරගාවලියේ මූලික අදියර පොළොන්නරුව, හංවැල්ල හා නාවලපිටියේදී සංවිධානය කළ තරගාවලි තුනකින් සමන්විත විය. එහිදී ආසන්නම පරිසාදන මට්ටමට ළඟාවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් දියගමදී ආරම්භ වන අවසන් අදියර තරගාවලියට නිර්දේශ කළ බව තරග ලේකම් ලක්ෂ්මන් හපුආරච්චි මහතා “ලංකාදීප”යට පැවැසීය. මෙම ක්‍රමය හේතුවෙන් කේවල ඉසව්වක් සඳහා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය 60 ක් දක්වා සීමා කරගත් බවත් ඔහු පැවැසීය.

මීට පෙර පැවැති එක් තරගාවලියකදී දුර පැනීමේ ඉසව්වක් සඳහා ක්‍රීඩකයන් 442 දෙනෙකු සහභාගි කිරීමට සිදුවීමෙන් ඇතිවූ දුෂ්කරතාවයද ඔහු එහිදී සිහිපත් කර සිටියේය. ඒ අනුව අද, හෙට සහ අනිද්දා වයස 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ, 15 න් පහළ බාලක හා බාලිකා ඉසව් 60 ක අවසන් තරග හා සහය දිවීමේ ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වයස් කාණ්ඩ (බාලක/බාලිකා) අටක ශූරතා ප්‍රදානය කිරීමට අමතරව දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවටත් විශේෂ සම්මානයක් ලෙස තරගාවලියේ හොඳම දුර පැනීම සටහන් කරන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවටත් ශූරතා සම්මානයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

අද පෙරවරු 8.30 ට අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වේ. සමාප්ත උත්සවය හා ජයසංකේත ප්‍රදානෝත්සවය අනිද්දා (10) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.

“රිට්ස්බරි” චොක්ලට් නිෂ්පාදන ආයතනය මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

 


අදහස් (0)

ජෝන් ටාබට් අවසන් අදියරට 2100 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.