Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය 22 - 23

ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය 22 - 23

editorial - 2021 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු අදියර ඉසව් 09 කට පමණක් සීමා කරමින් මෙම 22-23 දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

මෙම වසරට නියමිත 99 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මුලුමණින්ම පවත්වා අවසන් කිරීමට කළින් සැලසුම්කර තිබුණේද එම දිනවලදීය. එහෙත් ඉකුත් දා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක සභාව එය මැයි මාසයේ අග භාගයේදී පමණ ආරම්භ කරමින් සති අන්ත දින ගණනාවකදීම අදියර කීපයකින් පවත්වා අවසන් කිරීමට තීරණය කළේය.

එසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකන්ට අවස්ථාව අහිමි විය හැකි බැවින් ජාතික ශූරතා මලලක්‍රීඩා තරගාවලියේ පළමු අදියර මේ මස 22 සහ 23 දිනවලදී පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා මලලක්‍රීඩා ආයතනය නැවත තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව නිර්දේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයට පමණක් සීමා කරමින් මෙම දෙදිනදී අදාළ ඉසව් 09 පවත්වා අවසන් කෙරේ.

මැයි 22 වැනිදා පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වාද, මැයි 23 වැනිදා පෙරවරු 7.15 සිට පෙරවරු 10.00 දක්වාද තරග ඉසව් පැවැත්වේ.  

මීටර 100 කාන්තා සහ පිරිමි ඉසව් 02 සඳහාද, මීටර 400 පිරිමි ඉසව්ව සඳහාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු බැගින් සහභාගි වන බැවින් එම ඉසව් සඳහා පමණක් මූලික තරග පැවැත්වේ.

දුරපැනීම (පිරිමි), හෙල්ල විසිකිරීම (කාන්තා/පිරිමි), මීටර 800 (කාන්තා), මීටර 3000 බාධක දිවීම (කාන්තා), මීටර 400 (කාන්තා) යන සෙසු ඉසව්හි අවසන් තරග කෙළින්ම පවත්වා අවසන් කෙරේ.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සහභාගීත්වයේ අපේක්ෂාවෙන් මේ වනවිට උපරිම දස්කම් අතරට ළඟාවෙමින් සිටින ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු මෙම 28 වැනිදා කටාර්හිදී පැවැත් වීමට නියමිත ‘ඩයමන්ඩ් ලීග් ’ මලලක්‍රීඩා තරගාවලියට සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපේක්ෂාවෙන් පසුවෙයි.

ඒ සඳහා දැනටමත් අයදුම් කර තිබෙන නමුදු ඊට ශ්‍රී ලංකාවට සහභාගි වීමට ලැබෙන අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බවද වාර්තා වේ.

ඒ අතරම එම අවස්ථාව මගහැරී ගියහොත් ලබන ජුනි මාසයේදී යුරෝපයේ පැවැත්වෙන ‘ඩයමන්ඩ් ලීග්’ තරගාවලියක් සඳහා ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සහභාගී කරවීමටද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තවදුරටත් අපේක්ෂාවෙන් සිටියි.
 


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය 22 - 23

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.