Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සටනට බසී

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සටනට බසී

editorial - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දු නොවන්නේ නම් ශ්‍රී ලංකාව සුදු කොඩිය (ඔලිම්පික් කොඩිය) යටතේ වුවද ජාත්‍යන්තර තරගවලට සහභාගි කිරීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද පැවසීය.

“ජාතික ඔලිම්පික් කමිටුව ‘එන්.ජී.ඕ’ එකක් යටතට යනවා කියලා ඒකේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා ඒ කමිටුව කියනවා.”

“ප්‍රශ්නය තිබෙන්නෙ කමිටුවේ සභාපතිවරයා එක්ක වැඩ කරන්න අපට ගැටලුවක් නෑ. එතන ඉන්න වෙන නිලධාරීන් තමයි ගැටලුව ඇති කරන්නෙ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කැඳවීමකට අනුව එහි ගිය අපට කිසිදු ගරු සරුවත් නැතිව කතා කළා. ප්‍රශ්න ඇති කරන්නෙ ඔයාලා කියලා අපට චෝදනා කළා”

“මෙහෙම කැත විදියට කතා කළේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාටයි. ඔලිම්පික් කමිටුවට හිමි රුපියල් මිලියන 100 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටිය කතාව බොරුවක්...එය ක්‍රීඩා ඇමැතිවරයා කැබිනට් සංදේශයකින්  අනුමත කරගත් මුදලක්. මීට පෙර ක්‍රීඩා උළෙලට මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්න කළ ඉල්ලීමක් ඔලිම්පික් කමිටුව ප්‍රතික්‍ෂේප කළා”

“මෙතනදි වුණේ ඔලිම්පික් කමිටුවේ යෝජනාවන්ට අනුව මහා භාණ්ඩාගාරය ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කර තිබූ රුපියල් මිලියන 100ක් ක්‍රීඩා උළෙලේ වියදම් සඳහා ලබා ගන්නා ලෙස භාණ්ඩාගාරයෙන් උපදෙස් ලැබීමයි”

“අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් එම අවස්ථාවේ ක්‍රීඩා ඇමතිවරයා රුපියල් මිලියන 144ක් ඉල්ලා සිටියා. ඒ නිසා ඒ මුදල කිසිසේත්ම ඔලිම්පික් කමිටුවට අයිති වෙන්නෙ නෑ. ඒ මුදල්වලින් ඔලිම්පික් කමිටුව ගොඩනැගිලි හදන්න ගියානම් ඒක වැරදි වැඩක්” යයිද චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

 

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සටනට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.