Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics එරංග - පාරමී පාසල් මැරතන් ශූරතා දිනති

එරංග - පාරමී පාසල් මැරතන් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2018 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් සිසු සිසුවියෝ 2400 කගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගරයේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මාර්ග ධාවන තරග මාලාවේ ශූරයා ලෙස අඹගස්දෝව ජනාධිපති විදුහලේ එරංග මධුශංක නයනජිත්ද, ශූරිය ලෙස කුලියාපිටිය මාධ්‍ය මහ විදුහලේ පාරමි වසන්ති මාරිස්ටෙලාත් ශූරතා දිනා ගත්හ.

එහිදී විශේෂත්වය වන්නේ එරංග මධුශංක මෙම මාර්ග ධාවන තරගය පිට පිටම ජයගත් තෙවැනි අවස්ථාව මෙය වීමයි. ඒ අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මීටර 2000 - බාධක දිවීම බාලිකා ඉසව්වෙන් අංක එකට පැමිණ සිටි කුලියාපිටිය මධ්‍ය මහ විදුහලේ පාරමී වසන්ති මාරිස්ටෙලා මෙම මාර්ග ධාවන තරග මාලාවේ බාලිකා ඉසව්වට තරග වදිමින් ජයග්‍රහණය ලැබුවාය.

මීටර 3000 බාධක දිවීමේ (කාන්තා) ඉසව්වෙන් පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඇය දෙවැනි ස්ථානයත් ජාතික කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තාවක් සමගින් එම ඉසව්වත් ජයගත් ක්‍රීඩිකාවකි. බැංකොක්හිදී පැවැති යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ඇය මීටර 2000 බාධක බාලිකා ඉසව්වත් ලෝක ශ්‍රේණිගත පළමු ස්ථානය ලැබුවත් (විනාඩි 6 තත්ත්පර 35.42) මේ වනවිට ඇය එහි පසුවන්නේ තෙවැනි ස්ථානයේය.

මෙම තරග මාලාවේදී අඹගස්දෝව ජනාධිපති විදුහලේ දස්කම් කැපී පෙණුනේ බාලක ඉසව් දෙකේම ජයග්‍රහණ ඔවුන් සතුකර ගැනීමට සමත් වීමෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ශාරිරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා මහතා පැවැසුවේ මෙවර තරග මාලාවට සිසු සිසුවියන් 2400 දෙනෙකු සහභාගිවීම එම තරග මාලාවට එතෙක් සහභාගි වූ වැඩිම පිරිස බවයි.

මෙවර බාලිකා ඉසව්ව ජයගත් පාරමි වසන්ති මාරිස්ටෙලා ලබන ඔක්තෝබර් 6 වැනිදා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදි ආරම්භ වන තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලටත් සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවකි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස මෙවරත් තරග මාලාවට අනුග්‍රහය දැක්වූ නෙස්ලේ (නෙස්ටමෝල්ට්) ලංකා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරිරික අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්) කර්නල් මංජුල ප්‍රදීප් කාරියවසම් එහි විශේෂ උපදේශක සුනිල් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

තරග මාලාවේ ප්‍රතිඵල

කිලෝ මීටර 5 බාලක තරගය
1. කවීෂ ඉඳුවර (අඹගස්දෝව ජනාධිපති විදුහල) (විනාඩි 16. තත් 13)
2. ලක්මාල් සන්දීප ගුණවර්ධන
3. තිළිණ මධුෂාන් (වෑකඩ ම. වි.)

කිලෝ මීටර 5 බාලිකා තරගය
1. ලක්මිණි දුලාංජනී (ගාල්ල සිරිධම්ම විදුහල) (විනාඩි 20 තත්ත්පර 36.2)
2. ගීත්මි සන්ජනා (පයාගල බණ්ඩාරනායක ම. වි.)
3. රිෂාන්තිනී හබරවිල (හැටන් දෙමළ ම. වි.)

කිලෝ මීටර 15 බාලක තරගය
1. එරංග මධුසංඛ නයනජිත් (අඹගස්දෝව ජනාධිපති විදුහල) (විනාඩි 48 තත් 45)
2. චමින්ද නුවන් කුමාර (අඹගස්දෝව ජනාධිපති විදුහල)
3. කවිෂ්ක එරන්ග සිල්වා (පයාගල බණ්ඩාරනායක ම. වි.)

කිලෝ මීටර 15 බාලිකා තරගය
1. පාරමි වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය මධ්‍ය මහා විදුහල (විනාඩි 57 තත්ත්පර 58)
2. එච්. එම්. බී. ඒ. හේරත් (කුලියාපිටිය මධ්‍ය මහා විදුහල)
3. දිල්රුක්ෂි සමරකෝන් (වැලිමඩ ම. වි.).


අදහස් (0)

එරංග - පාරමී පාසල් මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.