Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics උතුරු කොරියාවේ මැරතන් තරගයත් අවලංගු කරයි

උතුරු කොරියාවේ මැරතන් තරගයත් අවලංගු කරයි

editorial - 2020 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කෝවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පොන් යැන්ග් නගරයේදී පැවැත්වීමට තිබූ මැරතන් තරගය අවලංගු කිරීමට උතුරු කොරියාව තීරණය කර ඇත. පොන් යැන්ග් මැරතන් තරගය උතුරු කොරියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන අතර මෙම මැරතන් තරගයෙන් උතුරු කොරියාව විශාල සංචාරක ආදායමක් උපයාගනී.

ලොවෙන් හුදෙකලා වූ රටක් වන උතුරු කොරියාවේ එකම මිතුරා චීනයයි.

මෙම මැරතන් තරගයට සහභාගී වීමටත් තරගය නැරැඹීමටත් චීන තරුණ තරුණියෝ උතුරු කොරියාවට යති.

එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර එය අවලංගු කළ බවට තොරතුරු ලැබී ඇති බවත් එය තහවුරු කළ හැකි බවත් උතුරු කොරියාවට සංචාරකයන් රැගෙන යන ප්‍රධාන සමාගමක් අද (21) සඳහන් කළේය.

කොරෝනා වයිරසය උතුරු කොරියාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර මැරතන් තරගය අවලංගු කර ඇත්තේ එහි පියවරක් ලෙස යැයි ද එම සමාගම කීවේය.

පොන් යැන්ග් මැරතන් තරගය වාර්ෂිකව පැවැත්වෙන්නකි. සෑම වසරකම අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වෙන අතර වත්මන් උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ඡන්මදිනය ද මෙහිදි සැමරේ. උතුරු කොරියාවේ පළමු නායකයා වන කිම් ඉල් සුන් උපත ලැබුවේ 1912 වසරේ අප්‍රේල් මාසයේදීය.

මෙම මැරතන් තරගයට චීනයට අමතරව වෙනත් රටවල ජාතිකයෝ ද සහභාගී වෙති. පසුගිය වසරේ පැවැති මැරතන් තරගයට බටහිර රටවල තරගකරුවෝ 1,000කට වැඩි පිරිසක් සහභාගී වූ බව සංවිධායකයෝ කීහ. තරගයට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150ක ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.

ඒ.එෆ්.පී. 

055


අදහස් (0)

උතුරු කොරියාවේ මැරතන් තරගයත් අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.