Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉඳුනිල් මීටර් 800 අටවැනි තැනට

ඉඳුනිල් මීටර් 800 අටවැනි තැනට

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ අද (28 වැනිදා) මීටර් 800 පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඉඳුනිල් හේරත්, එහි 8 වැනි ස්ථානයට පත් විය. ඔහුට අවසන් තරගය නිමා කිරීම සඳහා ගත වූ කාලය විනාඩි 1:51.36 කි. 

මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ ඉඳුනිල්, අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී විනාඩි 1:47.54 ක කාලයක් වාර්තා කරමිනි. එහෙත් ඔහුගේ අවසන් තරගයේ තරග නිමි කාලය, මූලික වටයේ තරග නිමි කාලයට වඩා තත්පර 3.82 කින් වැඩි වී තිබේ. 

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාවේ මන්ජිත් සිං සමත් වූ අතර අවසන් තරගය නිමා කිරීම සඳහා ඔහුට ගත වූ කාලය විනාඩි 1:46.15 කි. එහි රිදී පදක්කම ඉන්දියාවේ ජින්සන් ජොන්සන් (විනාඩි 1:46.35) විසින්ද, ලෝකඩ පදක්කම කටාර් රාජ්‍යයේ අබූබකර් අබ්දුල්ලා (විනාඩි 1:46.38) විසින්ද දිනාගනු ලැබූහ. 

-036


අදහස් (0)

ඉඳුනිල් මීටර් 800 අටවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.