Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් වෙත පැවරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල මේ වසරේදී පවත්වන්නේද නැතහොත් අවලංගු කර දමන්නේද යන්න පිළිබඳව තීරණය කෙරෙන විශේෂ සාකච්ඡාවක් අනිද්දා (11) පෙරවරුවේදී රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා දිවයිනේ පළාත් නවයට අයත් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අනිද්දා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන වසරේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙල මෙම වසරේදී පැවැත්වීම මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවද ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා නොබෝදා ප්‍රකාශ කළේය.
ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග පවත්වා අවසන් කළ යුතුව තිබුණත් රට තුළ උද්ගතවූ තත්ත්වය හමුවේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග බහුතරයක් පැවැත්වීම අත්හිටුවීමට මේ වන විට සිදුව තිබේ. බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා දින යොදා ගැනීමටවත් නොහැකිවී ඇතැයි වාර්තාවේ.
ජාතික මහ ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියර අන්තර් දිස්ත්‍රික් මට්ටමින්ද, තුන්වැනි අදියර අන්තර් පළාත් තරග ලෙසින්ද පැවැත්වේ. එයින් පසුව පළාත් මට්ටමේ ජයග්‍රහකයන් අතර ජාතික මහ ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කෙරේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසුවේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් අනිද්දා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.