Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනුරාධ අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

අනුරාධ අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් නුවරදී අද (6) පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මැරතන් (පිරිමි) තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කිලෝමීටර් 10ක් පමණ දිවයමින් සිටියදී අතරමග තරගයෙන් ඉවත් විය.

තරගකරුවන් 98 දෙනකුගේ සහභාගිත්වය අද ලන්ඩන් වේලාවෙන් පෙරවරු 10.55ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට) ලෝක ශූරතා මැරතන් (පිරිමි) තරගය ඇරඹුණි. එහිදී විනාඩි 31 තත්පර 53ක කාලයක් ධාවනයේ නිරත වූ කුරේ තරගය අත්හැර දමන විට කිලෝමීටර් 10ක් ධාවනයේ නිරත වී තිබුණි. 39 හැවිරිදි ඔහු 2005 හෙල්සින්කි නගරයේදී පැවති ඔහුගේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු සහභාගිත්වයේදීත් මේ ආකාරයෙන් තරගය අතරමග ඉවත්වුණි.

එසේ වුවත් වසර 2015 බීජින් ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු පැය 2 විනාඩි 25 තත්පර 04කට 29 වැනි ස්ථානය ලැබීය. පාදයේ ආබාධයක් උද්ගතවීමෙන් ඔහු මෙසේ අද තරගය අත්හැර දැමූ බව වාර්තාවේ.

මෙවර ‘ලන්ඩන් ලෝක මලල ක්‍රීඩා තරගාවලියට පැය 2, විනාඩි 15, තත්පර 19 කාලයක් වාර්තා කරමින් ඒ සඳහා සුදුසුකම් ලද මේ වනවිට ලන්ඩනයේ දිවි ගෙවන මෙම ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකයාගේ මෙතෙක් හොඳම දක්‍ෂතාව 2015 ලන්ඩන් මැරතන් තරගයේදී වාර්තා වූයේ පැය විනාඩි 13 තත්පර 47 කි. එය එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ද ඔහු හිමිකර දීමට සමත් විය.

කුරේ ඇතුළු තරගකරුවෝ 27 දෙනෙකු අද තරගය අවසන් කිරීමට අපොහොසත් වූ අතර කෙන්යාවේ ජෙෆ්රි කිප්කොරිර් තිරුයි පැය 2, විනාඩි 08, තත්පර 27කට ඔහුගේ මේ තරග වාරයේදී හොඳම මැරතන් දක්‍ෂතාව වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගත්තේය.

මෙම ඉසව්වේ ලෝක වාර්තාව ඇතුළුව තරග වාර්තාව හා මේ වන විට ලොව අංක එකේ ක්‍රීඩකයන් සතු වන වාර්තා සියල්ල කෙන්යානුවන් සතුවීම කැපී පෙනේ. තරගාවලියේ වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ පැය 2, විනාඩි 06, තත්පර 54කට අමෙල් තිරුයිය. අද තරගයට සහභාගි වූ ඉන්දීය ක්‍රීඩක කෝනසල් ගෝෆි පැය 2 විනාඩි 17 තත්පර 13 කට 28 වන ස්ථානය ලැබීය. නේපාලය ක්‍රීඩකයකු තරගයේ අතරමග ඉවත් විය.


අදහස් (0)

අනුරාධ අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.