Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනුරාධ - හිරුණි ඉරිදා තරග බිමේ

අනුරාධ - හිරුණි ඉරිදා තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලන්ඩන් නුවර  දැන් ක්‍රියාත්මක වන 16 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය යටතේ  මෙම 6 දා (ඉරිදා) ලන්ඩන් වේලාවෙන් පෙ.ව. 10.55 ට අනුරාධ  ඉන්ද්‍රජිත් කුරේ සහ ප.ව.2.00 ට හිරුණි විජේරත්න මැරතන් (පිරිමි-කාන්තා) ඉසව්වට සහභාගී වීමට නියමිතය.

මැරතන් පිරිමි ඉසව්ව සඳහා ලොව රටවල් 54 කින් ක්‍රීඩක ක්‍රීඩකයන් 108 දෙනෙකු ද එම කාන්තා ඉසව්ව සඳහා රටවල් 46 කින්  ක්‍රීඩිකාවන් 96 දෙනෙකු ද  සහභාගී වනු ඇත.

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහභාගී වන අතර  ඒ අතරින් ඉන්ද්‍රජිත් සහ හිරුණි පමණක් ලන්ඩන් ලෝක ශූරතා පරිසාධන මට්ටම අභිබවා සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි.

පිරිමි මැරතන්  ලෝක ශූරතා පරිසාධන මට්ටම පැය 2.19.00  ලෙස ද කාන්තා පරිසාධන මට්ටම පැය 2.45.00  ලෙසද සඳහන් විය.

2016 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා මැරතන් තරගයේ දී අනුරාධ ඉන්ද්‍රජිත්  කුරේ සිය ඉසව්ව පැය 2.15.38 කින් නිම කර  ලෝක ශූරතා පරිසාධන මට්ටම  ඉක්මවාලීමට සමත් වූ අතර ශ්‍රී ලංකා - ඇමරිකා ද්විත්ව පුරවැසිලාභියෙක් වන හිරුණි  විජේරත්න මෙම වසරේ මැයි මාසයේ ඇමරිකාවේ පැවති යුජින් මැරතන් තරගය පැය 2.43.31 කින් නිම කොට අදාළ සුදුසුකම් සපුරාලීමට සමත් වූවාය.

ශ්‍රී  ලංකා මැරතන් ක්‍රීඩක අනුරාධ එංගලන්තයේ රැකියාවක නියැලෙන 39  හැවිරිදි අයෙකි.

ශ්‍රී ලංකාව නියෝජනය  කරමින් වැඩිම ජාත්‍යන්තර මැරතන් සංඛ්‍යාවකට සහභාගී වී ඇති අනුරාධ මෙවර සහභාගි වන්නේ සිය ජීවිිතයේ හත්වැනි  ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියටයි. ඔහු  මීට පෙර 2005 හෙල්සිංකි සහ 2015  බෙයිජිං ලෝක ශූරතා මැරතන් ඉසව්වට සහභාගී විය. ඒ හැර ඔලිම්පික් ක්‍රීඩා  උළෙල 3කදී  ද ඔහු මැරතන් ඉසව් නියෝජනය කර තිබේ. 2004 ඇතැන්ස් 2012 ලන්ඩන්  සහ 2016 රියෝ එම ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුන වෙයි.

ශ්‍රී ලංකා මැරතන් වාර්තාවට ද හිමිකම් කියන (පැය 2.13.47) අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ  2015 ලන්ඩන් මැරතන් තරගයේදී එම වාර්තා පිහිටවන ලද්දේ 1975 සිට එස්.එල්.බී.රෝසා සතුව තිබූ වසර 40ක වාර්තාව බිඳ හෙලමිණි.

මැරතන් ක්‍රීඩිකා හිරුණි විජේරත්න ශ්‍රී ලංකාවට නවක මැරතන් ක්‍රීඩිකාවකි. ඇය දැනට 27 වියෙහි පසුවන අතර ඇයගේ ස්ථිර පදිංචිය ඇමරිකාවේය.

කොළඹ දී උපත ලැබූ  හිරුණි 2000 වසරේ සිට (අවු 10දී) ඇමරිකාවේ ස්ථීර පදිංචි වී ඇත.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් දෙදෙනා වන  නිලූකා ලියනාරච්චි (මීටර් 800 කාන්තා) සහ වරුණ ලක්ෂාන් දයාරත්න(හෙල්ල විසි කිරීම පිරිමි) මේ මස 10 දා  මූලික තරගවලට සහභාගීවීමට නියමිතය.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

හිරුණි විජේරත්න

 


අදහස් (0)

අනුරාධ - හිරුණි ඉරිදා තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.