Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශුරතාව මහවැලි ‘එච්‘ කලාපයට

ශුරතාව මහවැලි ‘එච්‘ කලාපයට

editorial - 2019 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදී අද (08) නිමාවට පත්වූ 31 වෙනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශුරතාව මහවැලි ‘එච්‘ කලාපයට හිමිවිය.

අනුශූරතාව දිනා ගන්නා ලද්දේ මහවැලි ‘සී‘ කලාපය විසිනි. තෙවන ස්ථානය වලව මහවැලි කලාපයට හිමිවිය.
මහවැලි කලාප 10කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක් තරඟ ඉසව් 41ක් සඳහා තරඟ වැදුණහ.

ජයග්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, උතුරු මැදපළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩී.ඒ. දිසානායක යන මහත්වරු ඇතුලු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වූහ.


(ක.ග. කරුණාරත්න)

අදහස් (0)

ශුරතාව මහවැලි ‘එච්‘ කලාපයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.