Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පාපැදි - මැරතන් - ඇවිදීම 23 දා සිට

පාපැදි - මැරතන් - ඇවිදීම 23 දා සිට

නාමල් පතිරගේ - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන බ්‍රහස්පතින්දා (23) අනුරාධපුරයේදී ආරම්භ වන පාපැදි, මැරතන් සහ ඇවිදීමේ තරග මාලාව විවෘත තරග ඉසව් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 45 වැනි ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් මෙම තරග මාලාව ලබන ඉරිදා (26) දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ.

ජාතික ක්‍රීඩා උළෙලේ වසර 45 ක ඉතිහාසය තුළ එම තරග විවෘත තරග ඉසව් ලෙස පැවැත්වෙන්නේ පළමු වතාවටය. මෙතෙක් ක්‍රමවේදය වූයේ එම තරග ඉසව් සඳහා එක් පළාතකින් ක්‍රීඩකයන් 10 දෙනකු බැගින් හා ක්‍රිීඩිකාවන් හය දෙනකු බැගින් තෝරා ගැනීමයි. මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා ලංකාදීපයට පැවසුවේ එම ක්‍රීඩා ඉසව් සඳහා පළාත් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේදී පැන නැගුණු විෂමතා අවම කිරීම සඳහා මේ තීරණයට පැමිණි බවයි.

මේ ක්‍රීඩා ඉසව් සඳහා සමහර පළාත් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ ප්‍රමාණයට වඩා සුදුසුකම් ලබනවා. සමහර පළාත්වලට නිර්දේශිත ප්‍රමාණය ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ. ඒ පිළිබඳව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරලා මේ වසරේ අත්හදා බැලීමක් ලෙස පාපැදි - ඇවිදීම හා මැරතන් තරගාමාලාව විවෘත තරග ඉසව් ලෙස පවත්වන්න අප තීරණය කළා. විජේරත්න මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ජාතික මහ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ගේ තරග මුදල් ඉහළ දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව රන් පදක්කම් ලාභියෙකුගේ ත්‍යාග මුදල රුපියල් 25,000 සිට 50,000 දක්වා ඉහළ නංවා තිබේ. රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ගේ ත්‍යාග මුදලද ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා මලලක්‍රීඩා සංගමයේ අධීක්ෂණයෙන් අනුරාධපුරයේදී ඇවිදීම, මැරතන් හා පාපැදි තරග මාලාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පාපැදි තරගාවලිය එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි පුහුණු සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කරන තේරීම් තරගාවලියක් ලෙස පැවැත්වෙන බවත් අයි.පී. විජේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය. අනුරාධපුර පූජා නගරය හා අවට ප්‍රදේශය ආවරණය වන මාර්ගයක එම තරග ලෙස පැවැත්වේ.

තරග මාලාව පැවැත්වෙන ආකාරය

මැයි 23 - පාපැදි තරග
පෙරවරු 9 - රේසින් පිරිමි තරගය (කිලෝ මීටර් 128)
පස්වරු 3 - රේසින් කාන්තා තරගය (කිලෝ මීටර් 48)

මැයි 24 - පාපැදි තරග
පෙරවරු 6 - ස්ටෑන්ඩඞ් - කාන්තා තරගය (කිලෝ මීටර් 48)
පෙරවරු 9 - ස්ටෑන්ඩඞ් - පිරිමි තරගය (කිලෝ මීටර් 128)

මැයි 25 - ඇවිදීමේ තරග
පෙරවරු 6 - කාන්තා හා පිරිමි තරග

මැයි 26 - මැරතන් තරග
පෙරවරු 5.30 - කාන්තා හා පිරිමි තරග
(පාපැදි හා මැරතන් තරග අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිටින්ද ඇවිදීම තරග අනුරාධපුරය ගුවන් තොටුපොළ පාරේ 7 වැනි කිලෝමීටර් කණුව අසලින්ද ආරම්භ වේ.)


අදහස් (0)

පාපැදි - මැරතන් - ඇවිදීම 23 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.