Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔසාකා ඇමරිකාව අතහැරීමට සැරසෙයි

ඔසාකා ඇමරිකාව අතහැරීමට සැරසෙයි

editorial - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උලෙල පිළිබඳ අවධානයෙන් පසු වන ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර ජපන් පුරවැසිභාවය ලබාගැනීමට තීරණය කර  ඇතැයි ජපානයේ එන්.එච්.කේ රූපවාහිනිය වාර්තා කරයි.

ඔසාකාගේ මව ජපන් ජාතික කාන්තාවක් වන අතර පියා හයිටි ජාතිකයෙකු වේ. මේ සතියේ එළඹෙන ඇගේ උපන්දිනයට පෙර ජපන් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා  අවශ්‍ය ලියකියවිලි ඇය මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවද වාර්තා වේ.

ජපානයේ නීතියට අනුව එක් පුරවැසිභාවයකට වඩා හිමි ජපන් ජාතිකයන් තමන්ට වයස අවුරුදු 22 සම්පූර්ණ වීමට පෙර ඉන් එක් පුරවැසිභාවයක් තෝරා ගත යුතුය.

“මේ අවස්ථාව මට ඔලිම්පික් උළෙල වෙනුවෙන් ජපානය නියෝජනය කිරීම සඳහා විශේෂ උත්තේජනයක් ලබා දෙනවා” දෙවරක් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරිය වූ ඔසාකා පැවසුවේ ටෝකියෝ නුවර පැවති ගුවන් විදුලි නාලිකා සම්මුඛ සාකච්ඡාවකදීය.
 
ජපන් භාෂාවෙන් එන්.එච්.කේ වෙබ් අඩවියේ පළවූ ලිපියට අනූව “රටේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් මගේ දක්ෂතා වැඩි ප්‍රමාණයක් පෙන්වීමට මට පුලුවන් වෙයි කියලා මම හිතනවා” යනුවෙන්ද ඔසාකා පවසා තිබේ. එසේම ඇය වැඩිදුරටත් පැවසුවේ අසීරු අභියෝගයක් වුවත් තමාට මෙවර ඔලිම්පික් රන් පදක්කම ඉලක්ක කර ගැනීමට අවශ්‍ය බවය.
 
මෙම යොවුන් ටෙනිස් ක්‍රීඩිකාව ජපානයේ ජනප්‍රිය වන අතර දේශීය මාධ්‍ය විසින් ඔසාකාගේ දස්කම් දැඩි ලෙස සොයා බලන්නේ විශේෂයෙන් ඇගේ මවගේ උපන් රට ජපානය බැවිනි.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලි ඇත්තේ හතරක් පමණි. ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් දිනාගත් පළමු වැනි ජපන් ජාතික ක්‍රීඩිකාව ඇයයි.
 
ඇය ජපානයේ ඒ.එන්.ඒ ඇතුලු ප්‍රමුඛ පෙලේ භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් දැන්වීම් සඳහා පෙනී සිටින අතර  “නයෝමි-චෑන්” යන සුරතල් නාමයෙන් ජපානයේදි ඇය හඳුන්වනු ලබයි. පසුගිය මාසයේ චීනයේ බීජිං නුවරදී පැවති පෑන් පැසිෆික් විවෘත ටෙනිස් තරගාවලියේදී ඇය ජයගත්තාය.
 
ආකර්ෂණීය භාවයෙන් යුක්ත වුවද සිය ද්විත්ව උරුමය පිළිබඳව තරමක් මතභේදයන්ට මුහුණ දී සිටිින ඔසාකාට මේ වන විට ඇයගේ අසම්පූර්ණ ජපන් භාෂා කුසලතාව පිළිබඳ විමර්ශනයකට මුහුන දීමටද සිදු වී ඇත.

වර්තමානයේ තරුණ පරම්පරාව අතර ආකල්පමය වෙනස්කම් දැකිය හැකි වුවද මිශ්‍ර ජාතියේ දරුවන්ට බොහෝ විට ජපානයේදී විවිධ අගතීන්ට මුහුණ දීමට සිදු වේ. කෙසේ නමුදු පසුගිය වසරේදී එක්සත් ජනපද විවෘත තරගාවලියේදී සෙරීනා විලියම්ස් පරාජය කරමින් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් ජයග්‍රහණය කළ පළමු ජපන් ක්‍රීඩිකාව බවට පත්වීමට ඔසාකා සමත් වූවාය.

 


අදහස් (0)

ඔසාකා ඇමරිකාව අතහැරීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.