Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉසුරු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට

ඉසුරු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

---------------------
නාමල් පතිරගේ
---------------------

කොළඹ සුගතදාස පිටියේදී අද (7) ආරම්භ වූ පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී කනිෂ්ඨ (වයස 20න් පහළ) කාණ්ඩයේ මීටර 400 (පිරිමි) ඉසව්වෙන් තත්පර 47.24ක දක්ෂතාවයක් පළ කළ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අපේක්ෂිත පරිසාදන මට්ටමට ළඟාවූ පළමු මලල ක්‍රීඩකයා වන්නේද ඉසුරුය.

එම ඉසව්වේ මූලික  වටයේදී ඔහුගේ දක්ෂතාවය වූයේ තත්ත්පර 47.67කි. මීටර 400 (පිරිමි) ජ්‍යෙෂ්ඨ ඉසව්වේ ඊයේ දක්ෂතාද තරගාවලියේදී කැපී පෙණුනි. එහිදී කාලිංග කුමාර තත්ත්පර 45.99ක ඉහළ දක්ෂතාවයක් අවසන් තරගයේදී පළ කළේය.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තවමත් සතුවන්නේ සුගත් තිලකරත්න සතුවයි.
1998 දී තත්ත්පර 44.61කට ඔහු ජපානයේ ෆුකෝකාහිදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දැක්වූ දක්ෂතාවය අදටත් එහි ශ්‍රී ලංකා වාර්තාවයි.

මේ අතර ඊයේ දිනයේ කනිෂ්ඨ ඉසව් දක්ෂතා තවදුරටත් පුළුල් වෙමින් යගුලිය විසිකිරීම (කාන්තා) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත්වූයේ ඔවිනි චන්ද්‍රසේකරයි.
කොළඹ බිෂොප් විදුහලේ සිසුවියක වන ඇය මීටර 13.02 ක දක්ෂතාවයක් පළ කළේ ජාතික ශූරි නදිකා මුතුනායක 1999 දී ගම්පහ සිරිකුරුස විදුහලේ ඉගෙනුම ලබන අවධියේ පිහිටුවූ එහි වාර්තාව (මීටර 12.87) බිඳ දමමිනි.

මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව තවමත් සතුකරගෙන සිටින (තත්පර 10.22) හිමාෂ ඒෂාන් ඊයේ සිය  ධාවනය තත්පර 10.58කට නිමා කළේය. මේ වනවිට මෙරට වේගවත්ම කෙටි ධාවන ශූරිය වන අමාෂාද සිල්වාගේ ඊයේ මීටර 100 (කාන්තා) ඉසව්වේ දක්ෂතාව තත්පර 11.79 කට සීමා වූවාය. එහි ශ්‍රී ලංකා වාර්තාව තවමත් සතුවන්නේ ශ්‍රී ලාංකික ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු සුපිරි ධාවන ශූරිය වන සුසන්තිකා ජයසිංහ (තත්පර 11.04 වසර 2000 ජපානයේ යෝකෝහෝමා හිදී සතුවය.

පළමු ජාතික තේරීම් තරගාවලියේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ඉසව් රැසක මූලික හා අවසන් තරග හෙටත් අනිද්දාත් (8-9) සුගතදාස පිටියේදී පැවැත්වේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සුදුසුකම් ආසන්නයටම ළඟාවී සිටින නිලානි රත්නායකගේ මීටර 3000 බාධක කාන්තා ඉසව්වේ දක්ෂතාවය විනාඩි 9 තත්පර 57.81කට සටහන් වූවාය.

හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ මෙතෙක් අංක එක සිටි සුමේධ රණසිංහ (මීටර 71.53) අබිබවා දක්ෂතා පළ කිරීමට ආර්.පී.එල්. දයාරත්න (මීටර 72.50) සමත්විය. සුමේධගේ මෙහි හොඳම දක්ෂතාව මීටර 83.04කි.

 


අදහස් (0)

ඉසුරු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.