Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අන්තර් පාසල් මලල ක්‍රීඩා තරග හෙට සිට

අන්තර් පාසල් මලල ක්‍රීඩා තරග හෙට සිට

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පළාත් හතරක අන්තර් පාසල් මලල ක්‍රීඩා තරග හෙට (8 වැනිදා) සිට ආරම්භ වේ. ඌව, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් තරගාවලි හෙට සිට මේ මස 28 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම පළාත් හතරෙන් ඒ සඳහා පාසල් 500 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8000 ක් සහභාගි වන බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති. එක් පළාත් මලල ක්‍රීඩා උළෙලක් සඳහා බාලක හා බාලිකා වයස් කාණ්ඩ ඉසව් 70 ක් පමණ අන්තර්ගත වේ.

උළෙල සඳහා මෙවරත් අනුග්‍රහය දැක්වීමට ප්ලේන්ට් ෆුඞ්ස් (සමපෝෂ) සමාගම ඉදිරිපත්ව සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, පළාත් අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන පළාත් අන්තර් පාසල් මලල ක්‍රීඩා උළෙල සඳහා මෙවරත් “සමපෝෂ” නිෂ්පාදන ආයතනයෙන් ලැබෙන අනුග්‍රහය හේතුවෙන් එම ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු පැවසූහ.

වඩාත් දුෂ්කරතා සහිත පළාත් හතරක් ඒ සඳහා තෝරා ගැනීම ගැන මාධ්‍ය හමුවේදී අනුග්‍රාහකයන්ට කෘතඥතාව පළ කර සිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුනිල් ජයවීර මහතා ඉදිරියේදී සෙසු පළාත් සඳහා ද එම අනුග්‍රහය ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

ප්ලේන්ටි ෆුඞ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂම්මි කරුණාරත්න මහතා පැවසුවේ, වසර 10ක් පුරා සිය සමාගම දේශීය පාසල් ක්‍රීඩා නැංවීමට ලබාදෙන අනුග්‍රහය ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කැපවී සිටින බවයි.


අන්තර් පළාත් “සමපෝෂ” මලල කීඩා උළෙල ඉදිරියේදී පැවැත්වෙන ආකාරය

● ඌව පළාත් තරගාවලිය - ජූලි 8 සිට 11 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී
● උතුරුමැද පළාත් තරගාවලිය - ජූලි 11 සිට 14 වැනිදා දක්වා අනුරාධපුර මහජනපිටියේදී.
● වයඹ පළාත් තරගාවලිය - ජූලි 17 සිට 20 වැනිදා දක්වා වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් පිටියේදී.
● නැගෙනහිර පළාත් තරගාවලිය - ජූලි 24 සිට 28 වැනිදා දක්වා කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී.

 


ප්ලේන්ට් ෆුඞ්ස් (සමපෝෂ) සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි ෂම්මි කරුණාරත්න මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා) සුනිල් ජයවීර මහතාට අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු. එම සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරි (සී.බී.එල්. ආහාර නිෂ්පාදන) ජයංග පෙරේරා, ඌව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (ක්‍රීඩා) චන්න කරුණාසේන, වයඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (කීඩා) එච්.කේ.එම්. රාජතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රීඩා) අතුල විජේවර්ධන, උතුරුමැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) හේමන්ත අබේකෝන්, නැගෙනහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ඊ.ජී.පී.අයි. ධර්මතිලක යන මහත්වරුද මෙහි වෙති.

ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

 


අදහස් (0)

අන්තර් පාසල් මලල ක්‍රීඩා තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.