Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics බොස්ටන් - නිව්යෝර්ක් - බර්ලින් මැරතන් තරග තුනම අවලංගුයි

බොස්ටන් - නිව්යෝර්ක් - බර්ලින් මැරතන් තරග තුනම අවලංගුයි

editorial - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව පුරා පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රධාන පෙලේ මැරතන් තරග 3 ක් වන බොස්ටන්, නිව්යෝර්ක් සහ බර්ලින් යන මැරතන් තරග අවලංගු කර දැමීමට එම තරග සංවිධායකයන්ට සිදුව තිබේ. වසර 124 ක ඉතිහාසයකට හිමිකම් කියන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර කොරෝනා වසංගතය හේතුවෙන් එය සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා කල් දමා තිබුණි.

කෙසේ වෙතත් මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව පවතින බිය නිසා මේ වසරේදී තරගය පැවැත්වීමට නොහැකි බව බොස්ටන් නුවර නගරාධිපති මාටි වොල්ෂ් මහතා පැවසීය.

“විශාල පිරිසක් සමීපයට ගෙන ඒමකින් තොරව සුපුරුදු ධාවන ආකෘතිය රඳවා ගැනීමට ක්‍රමයක් නැහැ.” යැයි වොල්ෂ් මහතා කියා සිටියේය.
වසර 1897 සිට මේ දක්වා සෑම වසරකම පවත්වනු ලැබූ ලොව පැරණිම වාර්ෂික මැරතන් තරගය ලෙස බොස්ටන් මැරතන් තරගය හැදින්විය හැකිය. කෙන්යාවේ ලෝරන්ස් චෙරෝනෝ සහ ඉතියෝපියාවේ වර්ක්නේෂ් ඩෙගෙෆා ඉකුත් වසරේදී (2019) පිළිවෙලින් පිරිමි සහ කාන්තා බොස්ටන් මැරතන් තරග ජයග්‍රහණය කළහ.

මේ වසරේ නොවැම්බර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිව්යෝක් මැරතන් තරගයේ 50 වැනි අදියර ලොව විශාලතම මැරතන් තරගය ලෙසද හැදින්විය හැකිය. ඒ ඉකුත් වසරේදී (2019) ඊට සහභාගි වූ තරගකරුවන් සංඛ්‍යාව 53,640 ක් වීම හේතුවෙනි.
මේ වසරේ සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ බර්ලින් මැරතන් තරගය අවලංගු කිරීමට සිදුවී ඇත්තේද ඊට සහභාගි වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සංවිධායකයන්ට වගකීමක් ගතනොහැකි බැවිනි.

“මෙවර තරගය අවලංගු කිරීමට සිදුවීම ගැන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාම බෙහෙවින්ම කණගාටුවට පත්වෙනවා. නමුත් මේ වෙලාවෙ අපි සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදින්න ඕන.” යැයි නිව්යෝර්ක් මැරතන් තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වන මයිකල් කැපිරසෝ පැවසීය.

කෙසේ වුවත් මේ මස මුලදී ලන්ඩන් මැරතන් තරගයේ සංවිධායකයන් සඳහන් කළේ ඔවුන් තවමත් ඔක්තෝබර් මස 4 වැනිදා එම තරගය පැවැත්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බවය.


-036


අදහස් (0)

බොස්ටන් - නිව්යෝර්ක් - බර්ලින් මැරතන් තරග තුනම අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.