Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලානි රත්නායක ඔලිම්පික් සුදුසුකම් ලබාගනී

නිලානි රත්නායක ඔලිම්පික් සුදුසුකම් ලබාගනී

නාමල් පතිරගේ - 2020 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නවතම ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ මීටර 3000 – බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ සුදුසුකම් ලබා සිටී.

පසුගිය පෙබරවාරී මාසයේ සිට ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතය හේතුවෙන් ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරට කල්දමන ලදී.

කොරෝනා වයිසරයේ බලපෑමෙන් අපහසුතාවට පත්වූ රටවල් පිළිබඳව සැලකිලිමත් වෙමින් අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය නියමිත පරිසාදන මට්ටමට ළඟාවීමට අපොහෝසත් වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා නවතම ලකුණු ක්‍රමය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක එම ලකුණු ක්‍රමයට අනුව දෙවැනි පෙළ (ග්‍රීන් කාඩ්) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. ඒ මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙනි.

නව ලකුණු ක්‍රමයට අනුව කිසියම් රටක පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද වටිනාකමක් ලැබී තිබේ. එහිදී නියමිත ඉසව්වේදී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නා ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලකුණු 100ක් එකතු වෙයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් යාමෙන් පසුව ඒ සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් සපිරීමේ තවත් සහන කාලයක් ලබන දෙසැම්බර් 1 වනිදා සිට 2021 ජුනි 29 වැනිදා දක්වා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දෙසැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවේ. ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නව ලකුණු ක්‍රමය යටතේ මෙරටින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු සොයා ගැනීමේ අභිප්‍රායෙනි.

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලද 32 හැවිරිදි නිලානි රත්නායක කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේදී මීටර 1500, මීටර 5000 යන කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

මීටර 3000 – බාධක දිවීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවට ද (විනාඩි 10 තත්ත්පර 03.84) හිමිකම් කියන ඇය මීටර 5000 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි.

 


අදහස් (0)

නිලානි රත්නායක ඔලිම්පික් සුදුසුකම් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.