Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු යොවුන් තරගාවලියට 13 ක් යති

ආසියානු යොවුන් තරගාවලියට 13 ක් යති

Nisanka Sandeepani - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං රාජ්‍යයේදී අනිද්දා (15) ආරම්භ වන තෙවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට 13 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි. මෙම තරගාවලිය ලබන ඉරිදා (17) දක්වා එහිදී පැවැත්වේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. 

පසුගිය තරගාවලි දෙකකදී ශ්‍රී ලංකාව දිනා ඇති පදක්කම් ගණන හයකි. ඒ එක් රන් පදක්කමක්, රිදි පදක්කම් හතරක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමිනි.

දෝහා කටාර්හි දී පැවති පළමු තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තේ මීටර 400 කඩුලු ඉසව්වෙන් සමානි දුලාංජි (තත්පර 61.27) විසිනි. අවසන් වරට බැංකොක් නුවර දී පැවති දෙවැනි තරගාවලියේදී මීටර 800 පිරිමි ඉසව්වෙන් රිදි පදක්කමක් හිමිකර ගැනීමට හර්ෂ දිසානායක සමත් විය. ඒ විනාඩි 1 තත්පර 54.99 කටය. එහිදීම ලෝකඩ පදක්කමත් මීටර 400 කඩුලු පිරිමි ඉසව්වෙන් අත්කර ගෙන ඇත්තේ නවෝද්‍ය සංකල්ප (තත්පර 53.86) විසිනි. 

ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලේ මීටර 800 ක්‍රීඩිකා ෂානිකා ලක්‍ෂානි මෙවර ආසියානු යොවුන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඇය මෙවර ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දෙනු ඇතැයි අපේක්‍ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම පසුවේ. ඇයගේ මීටර 800 කාන්තා ඉසව්වේ උපරිම දක්‍ෂතාවය විනාඩි 2 තත්ත්පර 12.33 කි. එහි ආසියානු යොවුන් තරග වාර්තාව පසුගිය තරගාවලියේදී හිමිකර ගත් සිරියානු ක්‍රීඩිකා ලුරිස් ඩැෆෝන්ගේ දක්‍ෂතාවය ඉක්මවා යාමකි. 

 ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් කේවල කාන්තා ඉසව් දෙකකට තරග වදින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. ඇය කලක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ධාවන පථයේ නම් දැරූ පසුව ක්‍රීඩිකාවකගේ කතා පුවතක් පදනම් කර ගනිමින් මෙරට නිපදවූ සිංහල චිත්‍රපටියක ප්‍රධාන නිළිය ලෙස රඟපෑ නදිෂානි හෙන්ඩර්සන්ගේ සොහොයුරියයි.

කේවල ඉසව් හැරෙන්නට ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී  මීටර 100x4 කාන්තා හා මීටර 400 ං 4 (පිරිමි) ඉසව් සඳහා ද තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

ආසියානු යොවුන් තරගාවලියට 13 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.