Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා කණ්ඩායම 64 ක් දක්වා ඉහළට

මලල ක්‍රීඩා කණ්ඩායම 64 ක් දක්වා ඉහළට

නාමල් පතිරගේ - 2019 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලල ක්‍රීඩාවේ සෑම ඉසව්වකින්ම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් සහභාගි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව සාග් ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් විසින් කළ ඉල්ලීමක් සාර්ථක වන ලකුණු අද (7) වනවිට පළවී තිබූ බව වාර්තාවේ.  එම ඉල්ලීම ඉන්දියාව වෙතින් ද කර තිබූ අතර නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා 13 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීම මේ වනවිට තහවුරු වී තිබේ.

තරග සංවිධායකයන් ගත් තීරණයට අනුව මෙවර සාග් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉසව් සඳහා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබුණේ සත්කාරක නේපාලයට පමණි.

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ඊයේ (7) දැනුම් දී ඇත්තේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සෑම ඉසව්වකින්ම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් නිර්දේශ කරන ලෙසය. ඒ අනුව මෙවර සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු දක්වා ඉහළ යනු ඇත. එය තහවුරු වුවහොත් දැනට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නිර්දේශ වී සිටින 16ක් වන පුහුණුකරුවන් හා නිලධාරීන්ගේ ගණන තවත් ඉහළ යනු ඇතැයි වාර්තාවේ.

64 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේවන විටත් නිර්දේශ වී තිබේ. කෙසේ වුවත් මලල ක්‍රීඩා එක් ඉසව්වක් සඳහා එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් පමණක් නිර්දේශ වන්නේ නම් එම ගණන 32 ක් දක්වා අඩු වීමට ඉඩ තිබුණි.

මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා සාග් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස නම් කර තිබේ. මේ අතර ඉවත් කළ මීටර 3000 බාධක දිවීමේ (කාන්තා) ඉසව්ව සාග් ක්‍රීඩා උළෙලට අවසන් මොහොතේ ඇතුළත් කර තිබේ.

අවසන් වරට වසර 2016 ඉන්දියාවේ ගුවහටි නුවරදී පැවති සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම් නවයක් දිනාගෙන තිබේ. ඉන්දියාව එහිදී හිමිකරගත් රන් පදක්කම් ගණන 12කි.

සාග් ක්‍රීඩා ඉතිහාසය පුරා මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත්ව සිටීම කැපී පෙනේ. එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින අතර මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් බහුතරයක් බෙදී යන්නේ ද මෙම දෙරට අතරයි. ශ්‍රී ලංකාව පසුගිය සාග් ක්‍රීඩා උළෙලේ දී දිනාගත් රන් පදක්කම් ගණන 25 කි.

 


අදහස් (0)

මලල ක්‍රීඩා කණ්ඩායම 64 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.